fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සංචාරකයින්ගේ පැමිණිම ඉහළට

    සංචාරකයින්ගේ පැමිණිම ඉහළට

    මෙරට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් දල්වමින් දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයින් 89,506 දෙනෙක් මෙරටට පැමිණ ඇත.

    2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණියේ සංචාරකයින් 393 දෙනෙක් පමණි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිදු සංචාාරකයෙක් මෙරටට පැමිණීයේ නැත. ඒ හේතුවෙන් සංචාාරක කර්මාන්තය බරපතල ලෙස කඩා වැටුණු අතර සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබෙන විදේශ විනිමයට පවා එය දැඩිව බලපෑවේය.

    2020 වර්ෂයේ ජනවාරි මාසයේ ත් පෙබරවාරි මාසයේත් ලක්ෂ දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් එක් මාසයකට පැමිණි අතර මාර්තු මාසයේ එම ගණණ 71,370 ක් දක්වා අඩුවිය.

    2021 වසරේ ආරම්භයත් සමග සංචාරකයින් මෙරටට පැමිණීමට පටන්ගත්තද ජනවාරි මාසයේ පැමණි ගණණ 1682 දෙදෙනෙකුට සීමා විය. පෙබරවාරි මාසයේදී 3366 දෙනෙක්, මාර්තු මාසයේදී 4581 දෙනෙක්, අප්‍රේල් මාසයේදී 4168 දෙනෙක්, මැයි මාසයේදී 1497 දෙනෙක්, ජුනි මාසයේදී 1614 දෙනෙක්, ජූලි මාසයේදී 2429 දෙනෙක්, අගෝස්තු මාසයේදී 5050 දෙනෙක් වශයෙන් මෙරටට සංචාරකයින්ගේ පැමිණීම සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනයේ එතැන් සිටය.

    සැත්තැම්බර් මාසයේදී 13,547 දෙනෙක්, ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනෙක්, නොවැම්බර් මාසයේදී 44294 දෙනෙක් සහ දෙසැම්බර් මාසයේදී 89,506 දෙනෙක් ලෙස එම වර්ධනය සිදුව තිබේ.

    මෙසේ දෙසැම්බර් මාසයේදී පැමිණි සංචාරකයින්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ යුරෝපයෙනි. එම ගණණ 48,704 දෙනෙකි. ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවලින් ඊට පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එම ගණන 33,268 දෙනෙකි.

    තනි රටක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ගණණ 23,566 දෙනෙකි. ඊට පසු වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ගණන 10,793 දෙනෙකි. එක්සත් රාජධානියෙන්ද සංචාරකයින් 8493 දෙනෙක් පැමිණ ඇති අතර දෙසැම්බර් මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි තෙවැනි රට වන්නේ එයයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ මෙම වසරේ ඉලක්කය වී ඇත්තේ දිනකට සංචාරකයින් 5000 ක් මෙරටට ගෙන්වා ගැනීමය. මෙම ජනවාරි මාසයේදී එම ඉලක්කයට සංචාරක සංවර්ධන අධිකාරිය ළගාවෙමින් සිටින අතර ලබන අප්‍රේල් මාසය වන විට එම ඉලක්කයද පසු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.