තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැගෙනහිර පර්යන්තයේ වැඩ ලබන සතියේ ඇරඹේ

    නැගෙනහිර පර්යන්තයේ වැඩ ලබන සතියේ ඇරඹේ

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන 12 වනදා ආරම්භ කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 300ක මූල්‍යාධාරය ද ඇතුළුව මේ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඩොලර් මිලියන 510ක මූලික ආයෝජනයක් සිදු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භය සිදුවෙයි.

    ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් 2024 වසර මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img