තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එපා කී චීන පොහොර නැවේ වන්දිය ගෙවයි

    එපා කී චීන පොහොර නැවේ වන්දිය ගෙවයි

    ශ්‍රී ලංකාව තම නැව්ගත කිරීම් දෙකක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිදුවූ පාඩුව වෙනුවෙන් චීනය පදනම් වූ පොහොර සමාගමක් වන Qingdao Seawin Biotech Group Co වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවූ බව ශ්‍රී ලංකා මහජන බැංකුව පවසා තිබේ.

    සීමාසහිත Qingdao Seawin Biotech Group Co., වෙත මුදල් ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය විසින් විසුරුවා හැරීමෙන් පසු මෙම තීරණය ගැනුණි.

    ශ්‍රී ලංකාව විසින් මීට පෙර නැව්ගත කිරීම් දෙකක් ප්‍රතික්ෂේප කර තිබියදීත්, නව ප්‍රමිතිගත පොහොර තොගයක් නැව්ගත කිරීම සඳහා එකඟතාවකට සියලු පාර්ශ්ව එකඟ වීමෙන් අනතුරුව පසුගිය සඳුදා (03) ප්‍රශ්නගත වාරණ නියෝගය ඉවත කෙ‍රිණි.

    2021 සැප්තැම්බර් මාසයේදී රජය විසින් Qingdao Seawin Biotech Group Co., Ltd වෙතින් කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවන ලදී.

    එම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ පොහොර සාම්පල පරීක්ෂාවේදී හානිකර බැක්ටීරියා හඳුනාගැනීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

    ඉන් අනතුරුව චීනයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන නෞකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කරමින් නව පොහොර තොගයක් ද රජය ප්‍රතික්ෂේප කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img