තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයසෑම සරසවි සිසුවකුටම හදාරන්න අතිරේක විෂයක් එයි

    සෑම සරසවි සිසුවකුටම හදාරන්න අතිරේක විෂයක් එයි

    මේ වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරන සෑම ශිෂ්‍යයෙකුටම තාක්ෂණ විෂය හැදෑරීමේ අවස්ථාව හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    විශ්වවිද්‍යාලයේදී තාක්ෂණ විෂය තෝරානොගත් සිසුන්ටද අමතර විෂයක් ලෙස තාක්ෂණ විෂය හැදෑරීමේ පහසුකම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    කාර්මික විප්ලවයෙන් පසුව අද වන විට තාක්ෂණ විප්ලවයක් ඇති වී ඇති හෙයින් තාක්ෂණ විෂය හැදෑරීම අත්‍යවශ්‍ය වන බව ද ඒ සදහා සෑම විශ්ව විද්‍යාලයකටම පහසුකම් ලබාදෙන බවද අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය.

    මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ පැවති ජාතික පාසල් දහසක් ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වීමෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img