fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ නගරයේ පාසල් නොයන දරුවන් සොයා පාසල් යවන්න පොලීසියෙන් වැඩපිළිවෙළක්

    කොළඹ නගරයේ පාසල් නොයන දරුවන් සොයා පාසල් යවන්න පොලීසියෙන් වැඩපිළිවෙළක්

    පාසල් නොයන කොළඹ නගරයේ ජීවත්වන දරුවන් පාසල් වෙත යොමුකරමින් ඔවුන්ව අඛණ්ඩව අධික්ෂණය කිරීමේ වැඩ සටහනක් ප්‍රජා පොලිස් සේවාව මඟින් ආරම්භකර තිබේ.

    එම දරුවන් පාසල්වලට ඇතුළත් කර ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ අද ගංගාරාම විහාරස්ථානයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් බෙදා දුන්නේය.

    අනාගතයේ අපරාධ ලෝකයට පිවිසීමේ මංමාවත් අවම කිරීම හා දිළිඳු දරුවන්ගේ ගුණාත්මක බව වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් සේවාව මගින් මෙම වැඩසටහන ආරම්භකර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.