තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමතිකමෙන් ඉවත් කළ සුසිල් උසාවියට

    රාජ්‍ය ඇමතිකමෙන් ඉවත් කළ සුසිල් උසාවියට

    අද දින රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් තමා ඉවත් කිරීම නිසා හෙට සිට අධිකරණය වෙත යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

    ඒ සිය නීතිඥ වෘත්තීය කටයුතු යළි ආරම්භ කිරීමට බව ඔහු පෙන්වා දෙයි.

    අද (04) උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    ” මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්. ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.”

    මෙම ඉවත් කිරීමට කුමක් හේතුවන්නට ඇතිද යන්න මාධ්‍යවේදීන් විමසූ විට සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ කීය.

    “පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේය.

    මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.

    ආණ්ඩුවේ හැටියට මම ජ්‍යෙෂ්ඨ නැතුව ඇති. දේශපාලනය හැටියට මම යුතුකම් ඉටුකරලා තියෙනවා. වෙච්ච දේ මගේ දේශපාලන අනාගතයට ආශිර්වාදයක්.” යයිද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img