fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනතාව පීඩනය පිටකරන්නේ ආණ්ඩුවට 'හූ' කියලා" - සජිත්

    “ජනතාව පීඩනය පිටකරන්නේ ආණ්ඩුවට ‘හූ’ කියලා” – සජිත්

    ජනතාවට දරාගන්නට බැරි පීඩනය අභියස රට කරවන ඇත්තන්ට එරෙහිව ජනතාව තමන්ගේ කෝපය ප්‍රකාශ කරන්නේ කරන්නේ හූ කියමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ලැජ්ජාවට කරුණ වන්නේ ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමට වැටීම යයිද හෙතෙම පැවසීය.

    වෑල් මාරු වීමක් නිසා ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයින් පවසන බවත් ඇත්ත වශයෙන්ම මාරු වී ඇත්තේ ගෑස්වල වෑල් නොව, ආණ්ඩුවේ වෑල් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එනිසා වහාම කළ යුත්තේ වෑල් මාරු වූ ආණ්ඩුව පලවා හැරීම නොවේදැයි ඔහු ජනතාවගෙන් විමසා සිටී.

    ගෑස් ඛේදවාචකය ආරම්භ වුණු දිනයේ සිටම මේ පිළිබඳව සියලු තොරතුරු විපක්ෂය හැටියට සමගි ජන බලවේගය රටට හෙලිදරව් කළ බව කී විපක්ෂ නායකතුමා අදාල විෂයභාර අමාත්‍ය අමාත්‍යවරුන් දෙපළ ඇතුළු මුළු ආණ්ඩුවම එදා ඒ පිළිබඳව උත්තර නොදී පලා ගිය බව ද පැවසීය.

    ගෙවල් පුපුරන, කුස්සි ගිනි ගන්න, ජීවිත අහිමි වන බරපතළ ඛේදවාචකයක නිර්මාතෘවරුන් දෙදෙනා වන්නේ විෂයභාර අමාත්‍යවරුන් බව පැවසූ විපක්ෂ නායකවරයා එදා ඔවුන් දෙදෙන බොරු කී බවත් අද ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපතිවරයා බොරු කියන්නට ඉදිරිපත් වී ඇති බවත් පැවසීය.

    සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සම -මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් මහතාගේ කොලොන්නාව ආසනයේ ඡන්ද පොළ නායක නායිකාවන් පත් කිරීමේ අවස්ථාව අද (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විපක්ෂ නායකවරයා මේ බව කීය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.