තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආසියාවේ නොනිමෙන ගිනි සිළුව නැවත නිවා දමයි

    ආසියාවේ නොනිමෙන ගිනි සිළුව නැවත නිවා දමයි

    විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතා මත සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 3 වනදා සිට වසා දැමීමට නියමිතය.

    නැවත ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ජනවාරි 30 වැනිදා සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

    බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිතා වන මර්බන් වර්ග‌යේ බෙරතෙල් මිලදී ගැනීමේදී දින 90 ට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතු බවත්, හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීම ද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බව ත් අමාත්‍යාංශය සඳහන් කරයි.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටේ පෙට්ට්‍රල් අවශ්‍යතාවෙන් සියයට 14 සහ ඩීසල් අවශ්‍යතාවෙන් සියයට 29ක් පමණක් සපයන බැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ආරම්භ වන්නේ ජනවාරි 26 වනදා සිටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img