තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන විදේශ ඇමති මෙරට සංචාරයකට සැරසෙයි

    චීන විදේශ ඇමති මෙරට සංචාරයකට සැරසෙයි

    චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින සංචාරයක් සඳහා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

    ඔහුගේ සංචාරය ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිදුකෙරේ.

    ජනවාරි 7 සහ 9 අතර ඔහුගේ මෙරට සංචාරය අපේක්ෂා කෙරේ.

    අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන නියෝජිත පිරිස රජයේ නායකයින් සහ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

    චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2020 ජනවාරි මාසයේදීය.

    මෙම ඉහළ පෙළේ සංචාරයේදී චීනය ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img