තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ගාස්තු 17%කින් ඉහළට - අවම ගාස්තුව 17යි

    බස් ගාස්තු 17%කින් ඉහළට – අවම ගාස්තුව 17යි

    අවම බස් ගාස්තුව රුපියල් 17 ක් ලෙස ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    එම තීරණය ලබන පස් වනදා සිට ක්‍රියාත්මක කිරීමටත් එකග වී ඇත.

    එමෙන්ම සමස්ත බස් ගාස්තු 17% ඉහළ නැංවීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරුණි.

    වැඩි වුණ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කරන ආකාරය පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විණ.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට බස් සංගම් නියෝජිතයන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.

    ඉන්ධන මිල පසුගියදා ඉහළ යාම හා බස් රථ අමතර කොටස්වල මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් නියෝජිතයන් රජයෙන් ඉල්ලා සිටියහ.

    ඒ අනුව එක් සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්වුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img