තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ගාස්තු සංශෝධන අද ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ නෑ

    බස් ගාස්තු සංශෝධන අද ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ නෑ

    බස් ගාස්තු සංශෝධන අද සිට ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    එහෙත් නව බස් ගාස්තු සහ එය කවදා සිට ක්‍රියාත්මක වන්නේද යන්න අද සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව හෙතෙම කියාසිටී.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් බස් ගාස්තු වැඩිකිරීමේ සූත්‍රයට අනුව ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

    ‘NTC ආයතනයේ නිර්දේශය අනුව ජනතාවට බරක් නොවන පරිදි බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ සාකච්ඡාවක් පවත්වනවා. රුපියල් 17කින් අවස්ථා දෙකකදී ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් වැඩි කළ යුතුයි. ඒක සලකා බලලා අපි බස් ගාස්තු වැඩි කරන්න දුන්නේ නැහැ’ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බස් රථ ධාවනය කිරීමේදී ද නිශ්චිතවම පාඩුවක් සිදුවන බව ඔහු පැවසීය. බස් ගාස්තු වැඩි කිරීම ජනතාවට බරක් වන අතර ජනතාව මත එල්ල වන පීඩනය අවම කරමින් එය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව ඔහු කියාසිටී.

    අද පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සහ එය ක්‍රියාත්මක වන දිනය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය අමුණුගම මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img