fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ ලොව දූෂිතම පුද්ගලයන්ගේ ලැයිස්තුව එළියට

    මේ වසරේ ලොව දූෂිතම පුද්ගලයන්ගේ ලැයිස්තුව එළියට

    මේ වසරේ ලොව දූෂිතම පුද්ගලයන් 5 දෙනාගේ ලැයිස්තුව නිකුත් කර තිබේ.

    ඒ අනුව 2021 වසරේ් ලොව දූෂිතම පුද්ගලයා වන්නේ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකාෂෙන්කෝ ය.

    මෙම ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානි, සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්, තුර්කියේ ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන්, ඔස්ට්‍රියාවේ හිටපු චාන්සලර් සෙබස්තියන් කර්ස් යන අයයි.

    සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තා කිරීමේ ව්‍යාපෘතිය (OCCRP) විසින් මෙම ලැයිස්තුව නිකුත් කරනු ලබයි.

    එය සකසනු ලබන්නේ ජාත්‍යන්තර සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පිරිසක් විසිනි.

    සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්, මුදල් විශුද්ධිකරණ, අරමුදල් අයථා භාවිත සහ දූෂණය ඉදිරියට ගෙන ගිය පුද්ගලයින් ලැයිස්තුවට නම් කර ඇත.

    OCCRP විසින් මෙම ‘වසරේ දූෂිතම පුද්ගලයා’ ලැයිස්තුව එය 2012 වසරේ සිට සකසන අතර එමගින් ලොව පුරා විනාශය ඇති කිරීමට වැඩිපුරම කටයුතු කරන අයව හඳුනාගෙන ඇත.

    මේ සමඟින්, OCCRP හි අරමුණ වන්නේ දූෂණය සහ ඒ සමඟ බොහෝ විට ඇති වන දේශපාලන සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා වඩාත්ම ක්‍රියාකරන අය හෙළිදරව් කර සෙස්සන්ගේ වගවීම ප්‍රවර්ධනය කිරීමයි.

    මාධ්‍යවේදීන් සහ මහජනතාවගෙන් මෙම ලැයිස්තුව සඳහා පළමු වටයේ නාමයෝජනා ලබාගනී.

    පසුව සංවිධානාත්මක අපරාධ සහ දූෂණ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විනිසුරුවන් පිරිසක් ජයග්‍රාහකයෙකු සහ අනුශූරයන් හතර දෙනෙකු තෝරා ගනී.

    මෙහිදී ශූරයන් සහ අනුශූරයන් ලෙස ඔවුන් ජයග්‍රාහකයන් යැයි හඳුන්වනු ලබන්නේ දූෂිතම පුද්ගලයන් වන අතර ඇතැම් අවස්ථාවලදී එය ආයතනයක් ද විය හැකිය. උදාහරණයක් ලෙස 2018 වසරේ  මෙම ලැයිස්තුවේ ශූරයා වී ඇත්තේ බැංකුවක් වන අතර 2013 වසරේ නම් රෝමේනියානු පාර්ලිමේන්තුවයි.

    මෙම වසරේ ජයග්‍රාහකයා සහ අතීත සම්මානලාභීන් පිළිබඳ පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.