තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආසියානු බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාව රනින් බැබළවූ ෂෙනුකි

    ආසියානු බර ඉසිලීමෙන් ශ්‍රී ලංකාව රනින් බැබළවූ ෂෙනුකි

    තුර්කියේ ඉස්තාන්බුල් හිදී පැවැත්වෙන Asian classic – Equipped Bench Press and Powerlifting Championships හිදී රන්පදක්කම් 04ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ සමත් වෙයි.

    කිලෝග්‍රෑම් 47 බරපන්තියේ සමස්ත ශූරතාවය සමඟින් එම අංශයෙන් මෙම රන් පදක්කම් දිනාගැනීමට ඇය සමත් වී ඇත.

    රටවල් 19ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24 වන දින සිට 30වන දින දක්වා තුර්කියේ දී ආසියානු බර එසවීමේ ශූරතාවලිය පැවැත්වේ.

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඇයට සුබපැතුම් එක්කර තිබේ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img