තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්“සකුරායි ගුවන් සමාගමේ” ගුවන් මෙහෙයුම් අත්හිටුවයි

    “සකුරායි ගුවන් සමාගමේ” ගුවන් මෙහෙයුම් අත්හිටුවයි

    මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ දී අද දින අනතුරට පත් වූ ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගමේ” ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත .

    මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තෙමේය අබේවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

    සීගිරියේ සිට රත්මලාන බලා පියාසර කරමින් තිබුණු සැහැල්ලු මගී ගුවන් යානාව මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම ගොඩ බැස්සවීමෙන් නියමුවන් ඇතුළු සිවු දෙනෙක් තුවාල ලැබූහ.

    කටුනායක ගුවන්තොටුපොළට යානය ගොඩබෑමට නියමුවා යම් උත්සහයක් ගෙන ඇතත් එය ව්‍යාර්ථවීමෙන් මෙසේ කිඹුලාපිටියට ගොඩබැස්සවීමට සිදුව ඇති බව සඳහන්ය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු අවසන්වන තෙක් “සකුරායි ගුවන් සමාගමේ” ගුවන් මෙහෙයුම් කටයුතු මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත.

    සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 38 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව කටයුතු කරමින් මෙම පියවර ගෙන තිබේ.

    සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ අත්සනින් අද පස්වරුවේ නිකුත් කළ නිවේදනය මෙසේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img