fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදෙස් ජාතිකයන් විවාහයට ආරක්ෂක නිෂ්කාශන වාර්තාව අනිවාර්යයි

    විදෙස් ජාතිකයන් විවාහයට ආරක්ෂක නිෂ්කාශන වාර්තාව අනිවාර්යයි

    විදේශීය ජාතිකයකු හා ශ්‍රී ලාංකිකයකු අතර විවාහයේ දී එම විදේශීය පාර්ශවය වෙතින් එම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබාගත් වරදකට වරදකරුවකු නොවන බවට වන ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ලබාදීම ලබන මස 01 වැනිදා සිට අනිවාර්ය කර තිබේ.

    ඒ සම්බන්ධ චක්‍රලේඛය පසුගිය ඔක්තෝම්බර් 18 වැනිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේ දී ජාතික ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම සහ උද්ගතවිය හැකි සමාජයීය ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කළ බව රෙජිස්ට්‍රාර් ජනරාල් එම්.බී වීරසේකර මහතා පෙන්වා දී ඇත.

    අදාළ චක්‍රලේඛය අරාක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගත් සාකච්ඡාවල එකඟතාව අනුව නිකුත් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

    මේ අනුව විදෙස් ජාතිකයන් එම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබාගත් වරදකට වරදකරුවකු නොවන බවට වු නිශ්කාශන සහතිකයේ මුල්පිටපත දේශීය පාර්ශවකරු හෝ දේශීය පාර්ශවකරුගේ නියොජිතයකු මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    ආරක්ෂක නිෂ්කාශන වාර්තාව තහවුරු කරගැනීමෙන් අනතුරුව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් එම විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ඇත.

    අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මගින් පමණක් මෙවැනි විවාහ ලියාපදිංචි කිරීමට අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇති අතර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිකුත් කරන අවසර පත්‍රයේ පිටපත්අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වෙත භාරදීම සඳහා විවාහයේ දේශීය පාර්ශවකරු හෝ දේශීය පාර්ශවකරුගේ නියොජිතයා වෙත යොමු කරනු ලැබේ.

    මෙම අවසර පත්‍රයේ පිටපත් දැනගැනීම සඳහා අදාළ ප්‍රාදේශිය ලේකම්/ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ද යොමු කරනු ඇත.

    අදාළ චක්‍රලේඛයේ ඉංගිරිසි හා සිංහල පිටපත් මේ සමඟ දක්වා ඇත. විදෙස් ජාතිකයන් සමඟ විවාහ වීමේදී ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක නිෂ්කාශන ලබාගත යුතු බවට අසත්‍ය තොරතුරු සහිතව වාර්තාකර තිබෙනු newswave.lk වෙබ් අඩවිය කළ සොයා බැලීමේ දී තහවුරු විය.

    image2021-18 newswave.lk-18-2021-e-1-211226-181942

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.