මීරිගම ප්රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ දුම්රිය හා ටිපර් රථ අනතුර හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද වීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ටිපර් රථයක හා ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් දුම්රියට දැඩි හානි සිදුවී ඇති අතර ටිපර් රථය පෙරලීගොස් තිබේ.