සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.
ක්‍රීඩාංගනයේ ඊයේ රාත්‍රියේ රැදී සිටි ඔවුන් දෙදෙනාගේ සිරුරු ක්‍රීඩාංගනයට ආසන්න අතුරු මාර්ගයක තිබී හමුවී ඇත්තේ අද උදෑසනය.
පොලීසිය සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනාගේ සිරුරු ආසන්න ස්ථාන දෙකක තිබුණු බවය.
ක්‍රීඩාංගනයේ රැදී සිටි ඔවුන් රාත්‍රී කාලයේ පිටතට යාම නිසා මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලීසිය කියයි.