fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝකන්දර නිවසකත් ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක්

    හෝකන්දර නිවසකත් ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක්

    හෝකන්දර නිවසක මුළුතැන්ගෙයක් තුළ අද අළුයම් කාලයේදී ගෑස් කාන්දුවක් සමඟ පිපිරීමක් සිදුව තිබේ.

    නිවෙස් හිමියා කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයෙකි.

    කොට්ටාව පොලීසිය සදහන් කරනු ලැබුවේ ගෑස් ටැංකිය රෙගුලේටරයෙන් ගැලවී ගැංකිය ඉහළට විසිවී සිවිලිමද කුඩුකරමින් වහලයේ ගැටී මුළුතැන් ගෙට විශාල හානියක් සිදුව ඇති බවය.

    මිදිගම පිහිටි කුඩු හෝටලයක සහ කොළඹ 07 මැක්ඩොනල් අවන්හලේදී මෑතකදී විශාල හානි ගෙන දෙමින් මෙවන් පිපිරීම් සිදුවිය. එම පිපුරුම් සමඟ ගිනි ගැනීම් සිදුවූවත් හෝකන්දර නිවසේ ගිනි ගැනීමක් සිදුව නැත.

    ඔබේ අදහස් දක්වන්න.