fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූවස් ඇළේ සිරවූ නෞකාව නිසා නැව්වල සතුන් දහස් ගණනක් මියයාමේ අවදානමක්

    සූවස් ඇළේ සිරවූ නෞකාව නිසා නැව්වල සතුන් දහස් ගණනක් මියයාමේ අවදානමක්

    ඊජිප්තුවේ සූවස් ඇල මාර්ගයේ සිරව ඇති MV EVER GIVEN නෞකාව හේතුවෙන් අද (28) සවස් වන විට ඇල මාර්ගය හරහා යාත්‍රා කිරීමට සූදානමින් පැමිණ නැංගුරම් ලා ඇති නෞකා 350 න් නෞකා 13 ක රදවා සිටින දහස් ගණන් සතුන් ආහාර සහ ජල හිගයකින් මිය යාමේ අවධානමක් මතුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරති.

    බැටලුවන් සහ ගවයින් වැඩි එම නෞකාවල වැඩි වශයෙන් සිටින බවත් ඒවා විවිධ රටවලින් ලද ඇනවුම් වලට අනුව රැගෙන යමින් ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සදහන්ය. මේ වන විටත් ඇතැම් නෞකාවල රදවා සිටින සතුන් ජල හිගය සහ ආහාර හිගය හේතුවෙන් දුරවල වෙමින් ඇතැයිද සදහන්ය.

    සූවස් ඇල ඉවුරු දෙපස MV EVER GIVEN නෞකාව සිරවී අද වන විට දින 06 ක් ගත වී ඇත. එම නෞකාවේ බහලුම් 20,000 ක් පමණ ප්‍රවාහනය කරමින් ඇති බවත් එය ලෝකයේ ඇති විශාලතම බහලුම් ප්‍රවාහන නෞකාවක් බව කියති.

    නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් වලට නෙදර්ලන්තයේ සහ ජපානයේ සහයද ලැබී ඇති අතර ඇමරිකාවද සහය ලබාදීමට මේ වන විටත් කැමැත්ත පලකර තිබේ.

    නෞකාව නිවැරචි දිශානතියට යොමු කිරීමට නම් නෞකාවේ බර අඩුකළ යුතු බවත් ඊට නෞකාවේ ඇති බහලුම් ඉවත් කළ යුතුව ඇති බවත් සූවස් ඇල කළමනාකරණ අධිකාරියේ සභාපති ඔසාමා රාබි මහතා සදහන් කරයි. එහෙත් නෞකාව සිරවී ඇති ස්ථානයේ පිහිටුම අනුව බහලුම් ඉවත් කිරීම නෞකාවේ සමබර තාවය බිද වැටීමේ අවධානමක් මතුවන බව පෙනී ගොස් ඇති බැවින් මේ වන විට නෞකාව සිරවී ඇති ඉවුරු දෙපස විශාල කිරීමට කැණිම් ආරම්භකර තිබෙන බව ද ඔසාමා රාබි මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සදහන් කර ඇත. අද සවස් වන විට මීටර් 18 ක ගැඹුරය කැනීම් කර වැලි ටොන් 20,000 ක් ඉවත්කර ඇති බවත් නෞකාවේ සුළු චලනයක් මේ වන විට ඇතිව තිබෙන බවත් ඔහු පවසයි.

    ඒ අනුව නෞකාව ඉදිරි දින කිහිපය තුළ ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි නෞකා හිමිකාර සමාගම විශ්වාසය පලකරයි. කෙසේ වෙතත් ඇතැම් නෞකා මේ වන විට අප්‍රිකානු මහද්වීපය හරහා යුරෝපයට ගමන් ආරම්භකර ඇති බවද සදහන්ය. ඒ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් නෞකා ආරක්ෂා කර ගැනීමට සමුද්‍රීය ආරක්ෂකයින්ගේ සහයද ලබා ගනිමිනි. එහෙත් බහුතරයක් නෞකා සූවස් ඇල දෙපස නැංගුරම් ලාගෙන සිටින්නේ ඉදිරි ඉදිරි දින කිහිපය තුළ සියල්ල විසදේවි යැයි බලා පොරොත්තු ඇතිවය.

    ලෝක ආර්ථාකයට මේ වන විට දැවැන්ත බලපෑමක් එල්ලකරමින් සූවස් ඇල ඉවුරේ සිරවී ඇති MV EVER GIVEN නම් වූ මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175කි.

    අදාළ නෞකාවේ හිමිකරු වන Shoei Kisen ජාත්‍යන්තර මාධ්‍යෙවත සදහන් කර ඇත්තේ නෞකාවේ එන්ජිමට සහ උපකරණවලට කිසිදු හානියක් සිදු වී නොමැති බවය.ටග් යාත්‍රි මගින් නෞකාව සිරවී ස්ථානයෙන් ඇදීමට උත්සහයක නිරතව ඇතත් එහිදී නෞකාවට හානි සිදුවීමේ අවධානමක් මතුවීම හේතුවෙන් ඉවුරු පුළුල් කිරීමේ මෙහෙයුම දියත්තර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.