තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආගමික වාර්ගික පදනම් ඇති පක්ෂ ගැන මැකො තීන්දුවක

    ආගමික වාර්ගික පදනම් ඇති පක්ෂ ගැන මැකො තීන්දුවක

    ආගමික සහ වාර්ගික පදනම් ඇතිව ලියාපදිංචිකර ඇති පක්ෂ සම්බන්ධයෙන් යම් තීරණයකට එළැඹීමට ජාතික මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

    ඒ එම පදනම මත පිහිටුවන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට ගත් තීරණයට සමගාමීව ය.

    ඒ අනුව මෙරට ලියාපදිංචිකර ඇති සියයකට වැඩි දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

    මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව අප්‍රේල් මාසයේ පත්කරන බවද නිමල් පුංචිහේවා මහතා කීය.

    දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා සම්බන්ධයෙන් එම කමිටුව විසින් අධ්‍යනයක් කර ඒ සම්බන්ධයෙන් කොමිසන් සභාවට වාර්තාවක් ලබාදෙනු ඇති බව නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

    කමිටුව මගින් ලබාදෙන වාර්තාවට අනුව යම් දේශපාලන පක්ෂයක නාමයේ හෝ පක්ෂ ව්‍යවස්ථාවේ ආගමික සහ වාර්ගික පදනමක් ඇතැයි පෙනී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ පක්‍ෂ දැනුවත් කර සංශෝධනයන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේය.

    දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවන්හි ආගමික හෝ වාර්ගික වශයෙන් වන වගන්ති ඇතුළත් වන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img