fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රසීලයේ ජනප්‍රියතම ගායිකාවක් සංගීත ප්‍රසංගයකට යද්දී ගුවන් අනතුරකින් මරුට

    බ්‍රසීලයේ ජනප්‍රියතම ගායිකාවක් සංගීත ප්‍රසංගයකට යද්දී ගුවන් අනතුරකින් මරුට

    බ්‍රසීලයේ ජනප්‍රියම ගායිකාවක් වන මරීලියා මෙන්ඩොන්සා සංගීත ප්‍රසංගයකට යමින් සිටියදී ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඇගේ නිෂ්පාදකයා, ඇගේ උපදේශකයා ලෙස කටයුතු කළ ඇගේ මාමා සහ ගුවන් යානයේ නියමුවා සහ සහායක නියමුවා සමඟ ඇය අනතුරින් මියගොස් ඇත.

    අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත්, රාජ්‍ය බල සැපයුම් සමාගමක් වන Cemig පැවසුවේ, ඇගේ යානය කඩා වැටීමට පෙර සමාගමට අයත් විදුලි බෙදාහැරීමේ මාර්ගයක ගැටී ඇති බවයි.

    මෙන්ඩොන්සා ඇයගේ Em Todos os Cantos ඇල්බමය සඳහා හොඳම සර්ටනේජෝ ඇල්බමයට හිමි 2019 Laitn Grammy සම්මානය දිනා ගත්තාය.

    බ්‍රසීලයේ COVID-19 අගුලු දැමීම අතරතුර ඇයගේ ප්‍රසංගයේ සජීවී විකාශනය මිලියන 3.3 ක් නරඹන්නන් ආකර්ෂණය කර ගත් අතර එය එවකට YouTube හි ලෝක වාර්තාවක් විය.

    බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ‘ඇගේ පරම්පරාවේ ඇය ශ්‍රේෂ්ඨතම ගායිකායවක්’ යනුවෙන් පවසමින් අභාවය ගැන ශෝකය පළ කළේය.

    මෙන්ඩොන්සා ගුවන් ගමනේ ඡායාරූපයක් මිලියන 38ක් වූ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින්ට පළ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.