තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    ‍ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත.

    ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants) නැමැති නීති උපදේශන ආයතනයක් ඔස්සේ සිරිල් ගාමිණි පියතුමා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව අද දින දැනුම් දී තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අදාළ නීති උපදේශන ආයතනය මෙම ලිපිය යොමු කර ඇත.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අදාළ ප්‍රහාරයට සම්බන්ධ බවට සූම් ඔස්සේ පැවති වැඩසටහනක දී සිරිල් ගාමිණි පියතුමා කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල යොමු කර තිබිණි.

    අදාළ පැමිණිල්ල මගින් ජාතික බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පෙන්වා දී තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින අතරේ සිදුවන මෙවැනි අසත්‍ය චෝදනා හේතුවෙන් තමන්ගෙත් තම දරුවන්ගෙත් ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවයි.

    මෙවැනි චෝදනා කරන අයවළුන්ට ඊට අදාළ සාක්ෂි සැපයීමට නොහැකි නම් මෙමගින් බරපතල ආරක්ෂක තර්ජනයක් රට හමුවේ මතු කරන බව ඔහු පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම වළක්වමින් සිරිල් ගාමිණි පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන පෙත්සම ලබන 08 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img