තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල්දෙණියේදී ඇල්ලූ අමෙරිකානු පුරවැසිභාවය ලද පුද්ගලයෙක් ගැන බුද්ධි අංශයෙන් විමර්ශනයක්

    තෙල්දෙණියේදී ඇල්ලූ අමෙරිකානු පුරවැසිභාවය ලද පුද්ගලයෙක් ගැන බුද්ධි අංශයෙන් විමර්ශනයක්

    තෙල්දෙණිය රජවැල්ලේදී ඇමරිකානු පුරවැසිභාවය ලද පුද්ගලයෙක් සහ තවත් අයෙක් ගිනි අවියක් සහ සැකකටයුතු උපකරණ රැසක් සමඟ තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රජවැල්ලෙන් රුපියල් 25000 ක මාසික කුළියකට මාස තුනකට පමණ පෙර ලබාගත් නිවසක මෙම ඇමරිකානු පුරවැසිභාවය ලද පුද්ගලයා සහ අනෙත් පුද්ගලයා රැදී සිට ඇති බව පොලීසිය කියයි.

    යතුරුපැදි අමතර කොටස් රැගෙන විත් ගොඩ ගසාගෙන ඒවා සකස්කරමින් සිටින මෙම පුද්ගලයින් දෙදෙනා ගැන ගම්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලීසිය ඊයේ කළ පරීක්ෂාවේදී එහි තිබී ගිනි අවිය ඇතුළු සැකකටයුතු උපකරණ හමුවී තිබේ.

    ගිනි අවිය වායු රයිෆල් එකක් වන අතර පිස්තෝල සදහා භාවිත කරන පතොරම් 100 ක්ද එහි තිබී ඇත. ඊට අමතරව රම්බෝ වර්ගයේ පිහියක්, දුරේක්ෂයක්, ගමන් කථන 04 ක් ද එහි තිබී සොයාගත් බව පොලීසිය කියයි.

    අංක කහඩු සහිත යතුරුපැදි 04 ක් මෙන්ම අංක තහඩු රහිත යතුරුපැදි 02 ක්ද තිබී ඇති අතර මුදල්ද ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 43 හා 44 වයස්වල පසුවන්නන්ය. ඔවුන් නාවලපිටියේ ස්ථීර පදිංචිකරුවන් බව හෙළිවී ඇති අතර ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයා ඉකුත් ජනවාරියේදී ඇමරිකාවේ සිට පැමිණ ඇති බව හෙළිවී ඇත.

    මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශයේද සහය ඇතිව විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img