fbpx
තවත්
    මුල් පිටුවරැල්ලකමා කල මැන අතිගරු කාදිනල්තුමනි....

    කමා කල මැන අතිගරු කාදිනල්තුමනි….

    ඔබ වහන්සේ දිගින් දිගටම කරන ප්‍රකාශ දෙස බැලූවිට අපේ හිත් වලට එන දේවල් ගැනත් යමක් නොකියා සිටිය නොහැකිය….

    ඊයේ ඔබ වහන්සේ පවසා තිබුනේ ලේ වලින් බලයට එන අයට බලයේ රැඳීමට නොහැකි බවය…
    ඔබවහන්සේ නොකියා කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන ය…

    එය තුච්ච නින්දිත බිහිසුණු අපරාධයකි….
    ඒ අපරාධය සිදුවූයේ 2019 අප්‍රේල් මාසයේය…
    තිබූ රජය වෙනස් වූයේ සහ නව ජනාධිපතිවරයා පත්වූයේ ඒ වසරේ අවසානයේය…..

    දැන් ඔබ වහන්සේ කියනා ආකාරයට ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා සහරාන් ඇතුළු පිරිස දිවි නසා ගෙන තිබේ…..
    ඒ ඉතාමත් අපූරු සොයා ගැනීමකි….

    ගෝඨාභයට එතෙක් එල්ල වූයේ ඊට ප්‍රතිවිරුද්ධ චෝදනාය….
    2015දී මහින්ද රාජපක්ෂ පරාජයට පත් වුයේත් එම චෝදනා මූලික කරගෙනය….
    ඒ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ඔහුගේ තිබූ දැඩි පිළිවෙත ය….
    එවැනි පුද්ගලයෙකුට බලය ලබාදීම සඳහා ඔබ වහන්සේ කියනා ආකාරයට දැඩි මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ජීවිතය පූජා කර ඇත….
    හරිම අපූරුය…

    අනෙක එවකට විවිධ පළිගැනීම්වලට ලක් වෙමින් සිටි ගෝඨාභය රාජපක්ෂට, ඔහුට දැඩි ලෙස එරෙහි රජයක් බලයේ පවතිද්දී, ආරක්ෂක අංශ පොලිසිය සියල්ලම එම රජය යටතේ පාලනය වද්දී මුස්ලිම් අන්තවාදීන් ලවා බෝම්බ පිපිරවීමට හැකිනම්, ඉන් පසු මාස අටකට ආසන්න කාලයක් බලයේ සිටි එම රජයට තම ප්‍රතිවාදී අපේක්ෂකයා එම වරද සඳහා කොටුකර ගැනීමට නොහැකි වූයේ ඇයි..?

    ඇමරිකන් පුරවැසි භාවය පසුපස ගොස් නඩු යන්නේ නැතුව ඔහුව පහසුවෙන් මේ සඳහා හසුකරගැනීමට තිබුණා නේද….?

    අතිගරු කාදිනල් තුමනි ඔබ පවසන්නේ පාස්කු කොමිසමේ තීරණ ක්‍රියාත්මක කළ යුතු බව ය…
    පාස්කු කොමිසම යනු අධිකරණයක් නොවේ…
    යුක්තිය පසිදින ආයතනයක් නොවේ….

    කොමිසම් වලින් දෙන තීරණ ක්‍රියාත්මක කළ යුතු නම් පසුගිය කාලයේ දේශපාලන නඩුවලට පටලවා සිටි ආරක්ෂක හමුදා නිලධාරීන් ඒවායින් මුදා හරින ලෙසට ජනාධිපති කොමිසම විසින් දෙනු ලැබූ තීරණය අධිකරණය ක්‍රියාත්මක නොකළේ ඇයි…

    අතිගරු උතුමාණෙනි ඔබ වහන්සේගේ හිතේ තිබුණු පලියට මිනිසුන් එල්ලුම් ගස් යැවීමට නොහැක…
    උසාවියට ඉදිරිපත් කර විත්තිකරුවකු වැරදිකරුවකු කිරීමටත් ඔහුට එරෙහි සාක්ෂි තිබිය යුතුය.
    ඒ සාක්ෂි ගොනු කිරීමට පදනමක් තිබිය යුතුය.
    ඒවා උසාවිය පිළිගත හැකි ඒවා විය යුතුකාදිනල්තුමා කොමිසම කියන සියලු දේවල් ඒ ආකාරයට උසාවියට ගෙන යාමට හැක්කේ ඒ කරුණු ඔප්පු කිරීමට හැකි සාක්ෂි තිබේ යැයි නීති පති දෙපාර්තමේන්තුව තීරණය කළහොත් පමණි…

    එම ත්‍රස්තවාදීන්ට කෙලින් නොවුනත් අනියම් ආකාරයෙන් මුදල් රැස් කිරීමට උදව් වී ඇත්තේ කවුදැයි රටම දනී…

    වැරැද්ද වළක්වා ගැනීමට නොහැකිවීමේ වගකීමක් එවකට තිබුණු පාලකයන්ට තිබේ…
    බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒවා ගැන නොසැලි කමත් වීමේ ස්වභාවයේ වගකීම ඔවුන්ට තිබේ…
    එමෙන්ම මෙයට වඩා ඉතාමත් තීක්ෂණ විචක්ෂණ බුද්ධි සේවාවක් තිබූ ශ්‍රී ලංකාවේ එම බුද්ධි නිලධාරීන් විවිධ වරද වලට පටලවමින් බුද්ධි සේවා මානසිකත්වය විනාශ කර බුද්ධි සේවාව බිඳ දැමීමේ වගකීම ද එවකට පාලකයන්ට තිබේ…
    ඔබ වහන්සේට දැන් ඒ සියල්ල අමතක වී ඇති බව පෙනේ….

    ඔබ වහන්සේ ඔය විදින වේදනාව අපි එයට පෙර දශක ගණනාවක් වින්දෙමු…

    ජයසිරි මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට ගිය බෞද්ධ උවැසි උවැසියන් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වන්දනා කිරීමට ගිය බෞද්ධ වැසි උවැසියන් තිරිසන් ලෙස පන්න පන්නා වෙඩි තබා මරා දැමූ හැටි අප අත්විඳ ඇත්තෙමු….

    බෞද්ධයන්ගේ පූජනීය මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ගසා විනාශ කර ජීවිත විනාශ කළ ආකාරය අපි දැක ඇත්තෙමු….

    Today in Terrorism - 146 Buddhist pilgrims killed in the Anuradhapura  massacre (May 14, 1985)

    ඔබ වහන්සේ විඳින වේදනාව එදා අපිත් වින්දෙමු…
    නමුත් එදා සිටි පාලකයන්ට , එදා ආගමික නායකයන් හෝ ජනතාව හෝ ඔවැනි චෝදනා එල්ල කළේ නැත….
    චෝදනා එල්ල කළේ ත්‍රස්තවාදීන්ටය…
    එමෙන්ම කෲර ම්ලේච්ජ ත්‍රස්තවාදීන් මෙරට ගම් නියම් ගම් වනසන විට අගනුවර සහ තවත් නගරවල බෝම්බ තබා සිය ගණනින් මිනිස්සු කැබලි බවට පත්කරන විට අද තිබෙන වේදනාව සමහරුන්ට එදා තිබුණා දැයි නොදනිමු….

    ඒ කාලකන්නි කොටි ත්‍රස්තවාදීන්ට කඩේ ගිය සමහර උන්නාන්සේලා ගැනද මන්නාරම පැත්තේ අපි දැක ඇත්තෙමු…
    හැබැයි ඒ උන්නාන්සේලාට චෝදනා කරන්නට දැන් තිබෙන හයිය සමහරු උතුමාණන් වහන්සේලාට එදා තිබුණේ නැත…..
    ඇමරිකාවේ nine eleven ප්‍රහාරයේ අවසාන සොයාගැනීම් සිදු වූයේ වසර අටකට පමණ පසුවය..ප්‍රංශ ප්‍රහාරය තොරතුරු එළි දකින විට වසර හතරක් පමණ ගතවී තිබිණි..
    කඩි කුලප්පුව තිබුණු පළියට ඒවා විමර්ශනය කළ නොහැකිය.. උසාවියට ගෙන යා යුත්තේ ඔප්පු කරගත හැකි කරුණු මිස තමන්ගේ හිතේ තියෙන කරුණු නොවේ….
    හරිහැටි නොදැන මෙවැනි බරපතළ ප්‍රහාරයක් පිළිබඳව මනෝ මූලික කරුණු මත පුද්ගලයන්ට චෝදනා කිරීම කෙතරම් සුදුසු දැයි සිතා බැලිය යුතුය…..
    එදා උදෑසන පූජාවන් වලට සහභාගි වූයේ නැත්තේ ඇයි දැයි කවුරුන් හෝ ඔබ වහන්සේට චෝදනා කළහොත් එය මොන තරම් අපරාධයක්ද. ?

    ඔබ වහන්සේට ඇති ගරුත්වය නිසා නොකියා සිටීමට සිතුවත් ඔබ වහන්සේ දැන් කරන ප්‍රකාශ දෙස බලන විට මේවා නොකියා සිටීමට නොහැකිය…

    ලාල් ද අල්විස් මුහුණු පොතෙන්

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.