fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්"ජනතාව මාව පත්කළේ හාල් පරිප්පු මිල බලනවට වඩා වෙනසක් කරන්න" - ජනපති

    “ජනතාව මාව පත්කළේ හාල් පරිප්පු මිල බලනවට වඩා වෙනසක් කරන්න” – ජනපති

    රටේ ජනතාව තමාව ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගත්තේ පරිප්පු සහ සහල්වල ගණන් බැලීමටනම් ඉන්ඵලක් නොවන බවත් තමාව ජනතාව පත්කරනු ලැබුවේ ඊට වඩා වෙනසක් කිරීමට බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ පිහිටි අක්කර 16 ක කාබනික වගා බිමක් අද පෙරවරුවේ හදිසියේම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    "අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනව පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. " යැයි එහිදී ජනාධිපතිවරයා මෙසේ සදහන් කළේය.

    කාබනික පොහොර යොදා කෙරෙන එම ගොවිතැන ගැන බොහෝ කරුණු ජනාධිපතිවරයා එම වගාබිම පවත්වාගෙන යන්නන් සමග කතාබහ කළ අතර එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා තමන්ට අවශ්‍ය පොහොර නිපදවා ගැනීමට කටයුතුකරන බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.