තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරගන්න මේ පරිපාලනයේ ඉඩක් නෑ"- අගරදගුරු හිමි

    “පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරගන්න මේ පරිපාලනයේ ඉඩක් නෑ”- අගරදගුරු හිමි

    පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට මේ පරිපාලන ව්‍යුහය තුළින් ඉඩකඩ ලැබෙන්නේ නැති බව පැහැදිලි වෙමින් ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.

    හිටපු නීතිපතිවරයා තමා හමුවී ප්‍රකාශ කළ පරිදි මෙය ත්‍රස්තවාදීන් 7 – 8 දෙනෙකු කළ දෙයක් යැයි පැවසිය නොහැකි බවත් ඊට වඩා දීර්ඝ සැලසුමක් මේ ප්‍රහාරය පිටුපස ඇති බවත් ඔහු සඳහන් කළ බව අගරදගුරු හිමියෝ කියාසිටියේ ත්‍රස්ත ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ අද (21) පැවති විශේෂ යාච්ඤා මෙහෙයකට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    “පාස්කු ප්‍රහාරය සිදුවී අදට මාස 30ක් පසු වී අවසන්. අපි සියලුදෙනාට ම විශාල ප්‍රශ්නයක් ඉදිරියේ කල්පනා කරන්නට සිදුව තිබෙනවා. මේ ප්‍රහාරය පිටුපස සිටියේ කවුද කියලා තාමත් හෙළිදරව් කරගත නොහැකි වී තිබෙනවා. මේ වසරේ මාර්තු 08 වනදා මා හමුවීමට පැමිණි එදා සිටි නීතිපතිතුමා මට කීවේ මෙය සිදුවී සෑහෙන දුරට සංවිධානාත්මකව කරනු ලැබු සිදුවීමක් බවයි. එය ත්‍රස්තවාදීන් 7 – 8 දෙනෙකු කළ දෙයක් කියලා කරන්න ට බැරි බවත් ඊට වඩා දීර්ඝ සැලසුමක් මේ ප්‍රහාරය පිටුපස තියෙන බව එතුමා මට සඳහන් කළා. දැන් මේ කොමිෂන් සභා වාර්තාව නීතිපතිතුමන් ට භාර දීලා මාස 9ක් වෙනවා. හෙළිදරව් කරන ලද වෙළුමේ නිර්දේශ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බොහෝම ස්වල්පයයි. විශේෂයෙන් ම ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් විමර්ශන යට ගසන්න ට විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. එක රටක් එක නීතියක් කියා පොරොන්දු උනාට තමන්ගේ අයට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. නීතිය භාරව ඉන්න අයත් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ බවට පත්වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට අපට මේ පරිපාලන ව්‍යුහය තුළින් ඉඩකඩ ලැබෙන්නේ නැති බව පැහැදිලි වෙලා තියෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img