තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගව ඝාතනය තහනම් කරන්න රජයෙන් තව පියවරක් ඉදිරියට

    ගව ඝාතනය තහනම් කරන්න රජයෙන් තව පියවරක් ඉදිරියට

    මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය වන පනත් 5ක් සංශෝධනය කිරීමට අදාළ නීති කෙටුම්පත් ගැසට් කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය සේවා පළාත්‌ සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉඳිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

    දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරීම තහනම්‌ කිරීමටත්‌, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින්‌ සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරිමටත් 2020 සැප්තැම්බර්‌ 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව, පහත සඳහන්‌ පනත්‌/ ආඥාපනක්‌ සංශෝධනය කිරීම සඳහා නිති කෙටුම්පත් සම්පාදක විසින්‌ පනත් කෙටුම්පත් සකස්‌ කර ඇත.

    • 272 අධිකාරය වන 1893 අංක 9 දරන ගෝ ඝාතක ආඥාපනත
    • 1958 අංක 29 දරන සත්ව පනත
    • 252 අධිකාරය වන මහනගර සභා ආඥාපනතන
    • 255 අධිකාරය වන නගර සභා ආඥාපනත
    • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

    එකී පනත්‌ කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින්‌ සහතික කර තිබේ.

    ඒ අනුව, එකී පනත් කෙටුම්පත්‌ රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන්‌ අනතුරුව, පාර්ලිමේන්තූව වෙත ඉදිරිපත්‌ කිරීමටන්‌ අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය සේවා පළාත්‌ සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉඳිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img