තවත්
    මුල් පිටුවදේශීය පුවත්යුගදනවි අමෙරිකාවට දීමට එරෙහිව ඇල්ලේ හිමි සමග කාදිනල් උසාවි යති

    යුගදනවි අමෙරිකාවට දීමට එරෙහිව ඇල්ලේ හිමි සමග කාදිනල් උසාවි යති

    කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව්ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමියන් සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    අදාල සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලීමක්කර ඇත.

    නිව් ෆෝට්‍රස් අමෙරිකානු සමාගමද ඇතුළත්ව මෙම පෙත්සම මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img