fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලබන 25 වෙනිදා පාසල් එනවා යැයි කියමින් විසදුනු ගුරු - විදුහල්පති අරගලය

    ලබන 25 වෙනිදා පාසල් එනවා යැයි කියමින් විසදුනු ගුරු – විදුහල්පති අරගලය

    දැඩි වෘත්තීය අරගලයක නිරතව සිටි ගුරු විදුහල්පතිවරු නම්‍ය ශීලි වෙමින් ලබන 25 වෙනිදා සිට නැවතත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමට අද තීරණය කළේය.

    ඒ ලබන 25 වෙනිදා සිට තමන් සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංගම් එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කරමිණි.

    කොවිඩ් වසංගත තත්වය හමුවේ පාසල් වසා දැමීමෙන් රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය හේතුවෙන් දින 100 කට ආසන්න කාලයක් ඔන්ලයින් අධ්‍යාපනයද අහිමිවිය.

    මුල් අවස්ථාවේදී ගුරු විදුහල්වරුගේ සහයට දරුවන්ගේ දෙමාපියන්ට පෙළ ගැසී සිටියත් වර්ජනය දිග්ගැස්සෙමින් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ලවීමට පටන් ගැනීමත් සමග ගුරු විදුහල්පතිවරුන්ට සමාජයේ අප්‍රසාදය මෙන්ම විරෝධතාවක් ගොඩ නැගෙන්නට ගත්තේය.

    මේ අතර රජයද මෙම ගැටළුව විසදීමට විවිධ උත්සහයන් ගත් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අවස්ථා දෙකකදී ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡා කළේය. දෙවැනි සාකච්ඡාව පැවැත්වෙන්නේ ඉකුත් සතියේදී අරලියගහ මන්දිරයේදීය. ඒ ලබන 21 වෙනිදා දරුවන් 200 අඩු පාසල් විවෘත කිරීමට රජය තීරණය කිරීමත් සමගිණි. අග්‍රාමාත්‍යවරයා උත්සහ දරන්නේ සාධනීය ලෙස මෙම ගැටළුවට විසිදුම් ලබාදෙමින් දරුවන්ගේ අධ්‍යාපනයටද හානියක් නොවන ආකාරයට සියල්ලට විසදුම් ලබාදෙන්නටය. ගුරු විදුහල්පති සංගම් සමග පැවැති එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් විසදුම් වලට කිසිදු විරෝධ පෑමක් නොවීය. ඒ අරලියගහ මන්දිරයෙන් පිටතට එනතුරු පමණි. අරලියගහ මන්දිරය පිටතට ආ ඔවුන් රූපවාහිනී කැමරා ඉදිරියේ කියන්නට වූයේ සාකච්ඡා සාර්ථක නොවූබවත් සිය තීන්දුව පසුදින සංගම් සමග සාකච්ඡාවකින් පසුව ප්‍රකාශයට පත්කරන බවකි.

    ඒ ප්‍රකාශයෙන්ම පසුදින කියන්නේ කුමක්දැයි පැහැදිලි විය. එය ඒ විදිහටම සිදුවිය. මස් රාත්තලම ඉල්ලමින් අග්‍රාමත්‍යාවරයා ලබාදුන් විසදුම් ගුරු විදුහල්පති සංගම් ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ඔවුන් කීවේ පාසල් 21 වෙනිදා ආරම්භ කලත් පාසල් නොයන බවකි. දරුවන්ට උගන්වන්නේ නැති බවද කීවේය.

    ගුරු සංගම් වලට එරෙහිව ජනතා හඩ ඇසෙන්නට ගන්නේ ඒත් එක්කමය. ඒ අතර ගුරු විදුහල්පති සංගම්වල තීන්දුවලට පිටින් පාසල් ගොස් දරුවන්ට අකුරුකරන්නට බහුතරයක් වූ විදුහල්පතිවරු සහ ගුරුවරු ස්යං තීරණයක් ගත්තේය. ඒ රටේ හෙට දවසේ දරු පරම්පරාව වෙනුවෙන් සිතාය. එවන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසු අපොහොසත් වූ ගුරු විදුහල්පති සංගම්වලට වැඩ වරදින්නේ ඒත් එක්කමය. ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට ගැනීමත් සමග තවදුරටත් ඒ සටන ඉදිරියට ගෙන යාම එතරම් සුබ දායක නොමැති බව අවසානයේදී ඔවුන් වටහා ගත්තා විය හැකිය. 21, 22 පාසල් නොයා 25 වෙනිදා සිට පාසල් එන බව කියන්නේ ඒ නිසා වන්නට පුළුවනි. කෙසේ වෙතත් සියල්ල සාධනීය ආකාරයෙන් අවසන් වීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම්වලට මේ මොහොතේ ජනතා ආචාරය හිමිවිය යුතුය. එසේ නොවන්නට ගුරු ගෞරවය පසෙකලා මව්පියවරු පෙරට ඒමට තිබුණු ඉඩකඩ බොහෝය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.