තවත්

    රිෂාද්ට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බදියුදීන්‌ ඇප මත නිදහස්‌ කිරීමට කොටුව මහේස්ත්‍රාත්‌ ප්‍රියන්ත ලියනගේ අද නියෝග කර තිබේ.

    ඒ රුපියල්‌ ලක්ෂ 50 බැගින්‌ වූ ශරීර ඇප දෙකක්‌ සහ සෑම සති දෙකකට ම වරක්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මතයි.

    මීට අමතරව රිෂාඩ්‌ බදියුදීන්ගේ විදෙස්‌ ගමන්‌ බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේ ඔහුට විදෙස්‌
    ගමන්‌ තහනමක්‌ ද පනවමිනි.

    පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන්‌ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‌
    අත්‌අඩංගුවට ගත්‌ රිෂාඩ්‌ බදියුදීන්‌ මාස 6කට වැඩි කලක්‌ බන්ධනාගාරගතව සිටියේය.

    බාලවයස්කාර දැරියක ලෙස මෙහි කාර සේවයට බඳවා ගත් ඔහුගේ නිවසේ සිටි දැරියක ගිනි ගිනි ඇවිලී මේ හේතුවෙන් මියගොස් තිබුණේ ඔහු බන්ධනාගාර ගතව සිටි අවධියේදීය.

    එහෙත් ඇයගේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා චෝදනා ලබා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img