fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කාරක සභාව ප්‍රතිසංවිධාන කෙරේ

    මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කාරක සභාව ප්‍රතිසංවිධාන කෙරේ

    මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කාරක සභාව (FSSCC) මේ මස සිට ප්‍රතිසංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබේ.

    පසුගිය 06 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා නව කාරක සභාව බලපැවැත්වේ.

    ඒ අනුව මෙතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය කෙනෙත් ද සිල්වා මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇත.

    මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කාරක සභා ලේකම් කාර්‍යාලය අඛණ්ඩව ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර්ව අධීක්ෂණ දෙපාර්තමේන්තුව (MSD) විසින් මෙහෙයවනු ලබයි.

    මෙම කාරක සභාවට පැවරී ඇති කාර්යයන් අතර මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සම්බන්ධයෙන් මූල්‍ය අංශයේ වර්‍ග සමාලෝචනය කිරීම, මූල්‍ය අංශයේ නැගී එන ප්‍රවණතා සහ ගැටලු පිළිබඳව වෙළෙඳපොළ/ පාර්ශවකරුවන් මත පදනම් වූ අදහස් ලබා දීම, මූල්‍ය වෙලඳපොලවල් සහ පද්ධති තවදුරටත් දියුණු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව හා සම්බන්ධ අවදානම් අවම කිරීමේ පියවර ගැන යෝජනා ඉදිරිපත් කිරීම සහ උපදෙස් ලබා දීම ආදිය ඇතුළත් වේ.

    අලුතින් ප්‍රතිසංවිධානය කරන ලද මුල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කාරක සභාවේ (FSSCC) සාමාජික ලැයිස්තුව පහත දැක්වේ.

    1. ආචාර්ය කෙනත් ද සිල්වා (FSSCC හි සභාපති) – සභාපති ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම
    2. සීඑන් එස්එන් ඇන්තනි මහතා – අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය
    3. එල්.එච්.ඒ. ලක්ෂ්මන් සිල්වා – සභාපති, ශ්‍රී ලංකා බැංකු සංගම් (ඇපකර) සමාගම
      4, නිරෝෂන් උදගේ – සභාපති ශ්‍රී ලංකා මුල්‍ය නිවාස සංගමය
    4. මහතා සුජීව මුදලිගේ – කළමනාකාර සහකරු, ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස්
    5. සංජය බණ්ඩාර මහතා – උප සභාපති, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය
    6. විශ් ගෝවින්දසාමි – සභාපති, ලංකා වාණිජ මණ්ඩලය
    7. ෂර්ලි ජයවර්ධන මහත්මිය – සභාපති ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය
    8. ක්‍රිෂාන් බාලේන්ද්‍ර – සභාපති, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී
    9. කුෂාන් ද අල්විස් – ජනාධිපති නීතිඥ
    10. සාලිය වික්‍රමසූරිය – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම
    11. කපිල ජයවර්ධන – සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී
    12. චිත්රාංජලී දිසානායක මහත්මිය – අධ්‍යක්ෂ ජනරාල්, අපනයන සංවර්ධන මණ්ඩලය
    13. සාමාජික – ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම් සංවිධානය (පත් කිරීමට නියමිත)
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.