තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 කට ඒ.එස්.පී. උසස්වීම්

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 කට ඒ.එස්.පී. උසස්වීම්

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබේ.

    රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව එම උසස්වීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    උසස් වීම් ලැබීමට සුසුදුකම් සපුරා සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 500 කට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණ සදහා ඉකුත් මැයි මාසයේ කැදවා ‍මෙම නිලධාරීන් 225 දෙනා තොරාගත් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. ‍

    වසර 05 කට වැඩි කාලයක් තිස්සේ ‍ගොඩගැසී තිබුණු උසස්වීම් මෙසේ ලබාදී ඇතැයිද එම නිලධාරියා කීය.

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු මෙතරම් පිරිසකට එකවර සහකාර පොලිස් අධිකාරීධුරයන්ට උසස්වීම් ලබාදී නැතැයිද එම නිලධාරියා කීය.

    මෙම උසස්වීම් වලට අදාල පොලිස් නියෝග අද රාත්‍රියේ නිකුත් වීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img