fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මැතිවරණ කොමිසමේ සාමාජික ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් නව ආණ්ඩුකාර ලෙස පත්කෙරේ

    මැතිවරණ කොමිසමේ සාමාජික ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් නව ආණ්ඩුකාර ලෙස පත්කෙරේ

    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ලෙස මේ වන විට කටයුතුකරමින් සිටින ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම කර ඇති බව ඒ සම්බන්දයෙන් තොරතුරු සොයා බැලීමකදී අනාවරණය විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති අතර ජීවන් ත්‍යාගරාජා මහතා සදහන් කරනු ලැබුවේ ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසමට සමුදී ආණ්ඩුකාරධුරයේ වැඩ භාරගන්නා බවය.

    දැනට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.