fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ප්‍රවාහනයේ වැඩිදියුණුවට උදව් දෙන්න අමෙරිකාව ලෑස්තියි

    මෙරට ප්‍රවාහනයේ වැඩිදියුණුවට උදව් දෙන්න අමෙරිකාව ලෑස්තියි

    ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය නගා සිටුවීම සඳහා දිය හැකි උපරිම සහය ලබාදීමට ඇමරිකානු රජය කටයුතු කරන බව මෙරට සිටින ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සුසාන්.එෆ්.වෝක් මහත්මිය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවේ පවසා තිබේ.

    ඒ දෙපාර්ශ්වය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී අද (07) දින පෙරවරුවේ පැවැති අවස්ථාවේදීය.

    මෙහිදී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නැංවීම සහ ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.

    මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරී ලුවිස් .ජී .සලාස් සහ අමාත්‍යවරියගෙ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් සහභාගි වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.