fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආයෝජනයට

    ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආයෝජනයට

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවේ අද ප්‍රකාශකර තිබේ.

    ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ඒ සදහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව සොයා බලන බවද ඉන්දීය ලේකම්වරයා බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.

    කොවිඩ් වසංගතය හමුවේ කලාපීය බලවතකු ලෙස සේම අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටින සහය එහිදී අගය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් එම සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව යැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    දින හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව අද (04) මුදල් අමාත්‍යාංශයේ දී හමුවිය. ද්වීපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණ දීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව මුදල් අමාත්‍යාංශව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.