fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බහරේන්හි ලුලූ සුපර්මාකට් ජාලය ශ්‍රී ලංකාවේ රස සුවඳින් පිරී යයි

    බහරේන්හි ලුලූ සුපර්මාකට් ජාලය ශ්‍රී ලංකාවේ රස සුවඳින් පිරී යයි

    බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාලය වන “ලුලූ” (Lulu) සමූහ ජාලය හා එක්ව ශ්‍රී ලාංකා වෙළඳ ආහාර සහ සංස්කෘතික සැණකෙළිය (Sri Lanka Fest) 2021 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝම්බර් මස 03 වන දින දක්වා, බහරේන් රාජ්‍යය පුරා විහිදී ඇති ලුලූ වෙළඳසැල් සමූහය තුළ අති උත්කර්ශවත් ආකාරයෙන් ප්‍රදර්ශනය කෙරේ.

    ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයේ ආරම්භක උළෙල සදහා බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රදීපා සේරම් මැතිනිය සමග බහරේන් වාණිජ මණ්ඩලයේ අන්තර්ජාතික වෙළඳ කටයුතු පිළිබඳ විශේෂඥ, ෆහාඩ් ෆයිසාල් අල් අයිනාටි මහතා, ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

    ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකාවේ එළවළු, පළතුරු, රසකැවිලි වර්ග, විවිධ වර්ගයේ සහල්, ශ්‍රී ලාංකික සන්නාමය සහිත විවිධ රසැති තේ වර්ග, අලුතෙන් හඳුන්වාදුන් පොල් ආශ්‍රිත නිෂ්පාදන (පොල් තෙල්, පොල්කිරි, තැඹිලි වතුර), මත්ස්‍ය (Fish) නිෂ්පාදන ආදී වූ විවිධ වර්ගයේ ශ්‍රී ලාංකික ආහාර වර්ග අලෙවි කරනු ඇත. මීට අමතරව ප්‍රදර්ශන දින 5 පුරාවටම ශ්‍රී ලාංකික සූපවේදීන් විසින් සජීවී ආහාර පිසුම් අංගයන් ඉදිරිපත් කරනු ලබන අතර ශ්‍රී ලාංකික රස මසවුලු වල රස විඳීමට නරබන්නන් හට අවස්ථාව සලසා දෙන ලදී. තවද, බහරේන් හි වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුලත් වෙළඳ කුටි සමූහයක් මෙන්ම ශ්‍රී ලාංකික නර්තන අංගයන්ගෙන්ද වැඩසටහන සමන්විත වේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සහනදායී මිල ගණන් යටතේ ගුවන් ටිකට් පත් අලෙවි කරනු ලබන අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද, කොළඹ වරාය නගරය ආශ්‍රිත ආයෝජන අවස්ථා ඇතුලත් වීඩියෝ පට ප්‍රචාරණය කිරීමද ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරනු ලැබේ .

    මෙම වෙළද ප්‍රදර්ශනය පශ්චාත් කොවිඩ්-19 තත්වයක් තුල ශ්‍රී ලංකා වෙළඳ හා සංචාරක ප්‍රවර්ධනය දිරිමත් කිරීම සදහා තානාපති කාර්යලය මගින් දියත් කරන ලද තවත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.