fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුඩු නඩුවකින් නිදහස ලබා ඩුබායි පැන්න සිද්ධික් බරටම වැඩ

    කුඩු නඩුවකින් නිදහස ලබා ඩුබායි පැන්න සිද්ධික් බරටම වැඩ

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද සහය ඇතිව නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ කළ වැටලීමකින් ඉකුත් සතියේ අල්ලාගත් හෙරොයින් කිලෝ 336 යේ මහ මොළකරු මේ වන විට ඩුබායි හී රැදී සිටින මොහොමඩ් සිද්ධික් නැමැත්තා බව බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

    මෙරට මත්කුඩු ජාලයේ අංක ඒකේ ඡාවාරම්කරුවෙක් ලෙස හදුනාගෙන සිටින ඔහුට පකිස්තානයේද බිරිදක් සිටින බව සදහන්ය. ඒම බිරිද ඒරට මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් බවට තොරතුරුද බුද්ධි අංශ සතුය.

    මෙම ඡාවාරම්කරු ඇතුළු 05 දෙනෙක් 2003 වසරේ පෙබරවාරි 03 වෙනිදා මහරගම ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඒ් සම්බන්දයෙන් ඔහුට නඩුවක්ද පැවතුණි. ඒම හෙරොයින් වල ශුද්ධ අගය ලෙස සැලකුණේ ග්‍රෑම් 8.1 කි. නඩු විභාගය පැවැත්වෙන අතර තුර ඔහු ඩුබායි පළාගොස් සිටි අතර ඔහුට ඒරෙහිව ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් පවා නිකුත් කර තිබුණි. ඩුබායි හී සිටින අතර ඔහු විටෙන් විට පකිස්තානයට යමින් ඒමින් මහා පරිමාණයෙන් මත්කුඩු තොග මෙරටට ඒවන ලදි. වැඩි ප්‍රමාණයක් ඔහු මත්කුඩු මෙරටට ඒවන ලද්දේ පකිස්තානයේ සිට මෙරටට නෞකා මගින් රැගෙන ඒන විවිධ උපකරණ අතර සගවාය. ඇඹරුම් යන්ත්‍ර, ට්‍රැක්ටර් වල චැසි, බෝල්ට් ඇන ආදී ද්‍රව්‍ය අතර සගවා මෙරටට ඔහු විසින් ඒවූ මත්කුඩු බොහොමයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් රේගු විමර්ශන අංශත් විසින් අල්ලා ගනු ලැබීය.

    මොහොමඩ් සිද්ධික් කොටුකර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයැවීමෙන් විශේෂ මෙහෙයුමක්ද දියත්කරනු ලැබීය. ඒ් අනුව 2015 වසරේ ඔහු පකිස්තානු ආරක්ෂක අංශ වෙත හසු විය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් 2015 වසරේ මාර්තු මාසයේදී පකිස්තානයට ගොස් ඔහුව මෙරටට රැගෙන ඒන අතර මාස හයක කාලයක් රදවාාගෙන පරීක්ෂණ පවත්වා සැත්තැම්බර් මාසයේදී අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාරගත කරනු ලැබීය.

    ඔහුට ඒරෙහිව ඒ් වන විට විභාග වෙමින් පැවැති නඩු රැසකින් ඔහු පුදුම සහගත ලෙස නිදහස මෙන්ම ඇපද ලැබෙන අතර 2003 වසරේ නඩුවට ඔහු දිගටම බන්ධනාගාරගතව සිටියේය. ඒහෙත් ඒම නඩුවෙන්ද 2018 වසරේ සැත්තැම්බරයේ ඔහු ඇතුළු සැකකරුවන්ව මහාධිකරනයෙන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරෙන්නේ සාක්ෂි පරස්පර වීමෙන් සාධාරණ සැකයෙන් තොරව ඒම නඩුව ඔප්පු කිරීමට අපොහොසත් වීම හේතුවෙනි. එ‌සේ සාක්ෂි පරස්පර වන්නේ ඒම වැටලීමට ඒදා නායකත්වය දුන් ඒකල සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිටි පොලිස් නිලධාරියෙකුගේ සහ තවත් පොලිස් නිලධරියෙකුගේය. සහකාර පොලිස් අධිකාරීවරයා ශ්‍රී ලංකා පොලීසියේ නමක් දිනා සිටි නිලධාරියෙක් වන අතර ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස මේ වන විට විශ්‍රාම ගොස් සිටී.

    ඒදා අධිකරණයෙන් නිදහස ලැබූ මොහොමඩ් සිද්ධික් මෙරට සොහොතක් හෝ රැදී සිට නැත. ඔහු ඩුබායිවෙතත පළා ගියේය. දැන් ඔහු ඩුබායි සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවමින් ඇතැයි බුද්ධි අංශ සදහන් කරන්නේ මාලදිවයින සහ සීසෙල්ස් වෙතත් මත්කුඩු බෙදා හරින්නා බවට පත්වෙමිණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.