fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් කාන්තාවෝ තිදෙනෙකුට ළගදීම නියෝජ්‍ය පොලිස්පතිධුර

    පොලිස් කාන්තාවෝ තිදෙනෙකුට ළගදීම නියෝජ්‍ය පොලිස්පතිධුර

    ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි නිලධාරීන්ට පමණක් සීමා වී තිබුණු නියෝජ්‍ය පොලිස්පතිවරුධූර කාන්තා නිලධාරිනියන්ටද හිමිකර දෙමින් මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස් පොලිස්පතිධුරයට උසස්වීමක් ලබන්නේ බිම්ෂානි ජාසිංහආරච්චි මහතත්මියයි. එම තනතුර පවා ඇයට හිමිවන්නේ වැඩ බැලීමේ පදනම මතය. ඒ 2020 ඔක්තෝම්බර් 08 වෙනිදා සිටය. එම තනතුර ලැබුණු දා සිට පිරිමි නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ඇයට එල්ලවුණු කෙනහිළිකම් අපමනය. ඇගේ තනතුර අහිමි කිරීමට ඒ අය නොකල උත්සහයක් නැති තරම්ය.

    ඇය ඉතා ශක්තිමත්ව ඊට මුහුණු දුන් නිසාම කාන්තා නිලධාරිනියන් තවත් තිදෙනෙකුට දැන් නියෝජ්‍ය පොලිස්පතිවන්නට වරම් හිමිව ඇත්තේය. වැඩ බලන පදනම මත එම අවස්ථාවන්ද හිමිව ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිධුර පුරප්පාඩු ඇතත් මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සියළු දෙනාම පාහේ එම ස්ථීර තනතුරට පත්වීමට සපුරාතිබිය යුතු කොන්දේසි සම්පූර්ණ කර නොමැති බැවිණි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වීමට සම්පූර්ණ කළ යුතු වසර ගණන ඇත. මේ වන විට කාන්තා නිලධාරීන් පමණක් නොව, පිරිමි නිලධාරීන්ද බොහෝ දෙනෙක් නියමිත වසර ගණන සම්පූරණකර නැති බැවින් මේ වන විට වැඩි හරියක් නියෝජ්‍ය පොලිස්පතිධුර දරන්නේ වැඩ බලන පදනම මතය. ඒ අයට සිය තනතුරේ ස්ථාර වීමට අවස්ථාවක් ලැබෙන්නේ නියමිත කාලය සම්පූරණ වීමෙන් අනතුරුවය. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිධුරයේ සිටින එකම කාන්තා නිලධාරිනිය වන බිම්ෂානි සම්බන්ධයෙන්ද ඇත්තේ එවැන්නෙකි.

    පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට අනුව අලුතින් නියෝජ්‍ය පොලිස්පතිධුරයන්වල වැඩ බැලීමට පත්වන්නට නියමිත කාන්තා නිලධාරිනියන් අතර ඉදිරියෙන්ම සිටින්නේ පොලිසියේ පරියේෂණ හා සංඛ්‍යාෙල්ඛන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර, පොලිස් සුබසාධන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරිය ලෙස සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය යන නිලධාරිනියන් දෙදෙනාය. ඒ අය හැරුණු කොට මෙම වටයේදී නියෝජ්‍ය පොලිස්පතිධුරයන්ට උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා සිටින්න කාන්තා නිලධාරිනියන් දෙදෙනක්ම සිටින්නේ රාජ්‍ය බුද්ධි සේවයේය. ඒ තිලිනා ජයවර්ධන සහ ඒ.ජී.එන්.ඩී. සෙනෙවිරත්න යන දෙදෙනාය. තිලිනා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ ඉන්දියාවේ චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තවය. සෙනෙවිරත්ත සේවයේ නිරතව සිටින්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් ලෙසිණි.

    මේ දෙදෙනාගෙන් ඉහළින්ම සිටින්නේ තිලිනා වූවත් නියෝජ්‍ය පොලිස්පතිධුරයෙන් පසු සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා රාජ්‍ය බුද්ධි සේවය අතහැරීමට ඇය දක්වන්නේ මැලිකමක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. එබැවින් ඒ අවස්ථාව බොහෝ විට සෙනෙවිරත්නට හිමිවනු ඇති බව විශ්වාස කළ හැකිය.

    පොලිස් මූලස්ථානය විසින් මෙම උසස්වීම් වලට අදාල ලේඛණ මේ වන විටත් සකස්කරමින් පවතින අතර වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිධුර ගණන 04 දක්වා ඉහළ යනු ඇත. අනතුරුව කාන්තා නිලධාරිනියන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරම්ද හිමිවනු ඇත. ඒ අනාගතයේ යම් දවසක පොලිස්පතිධුරය දක්වා ඉදිරියට යාමට කාන්තා නිලධාරීන්ට මංපෙත් විවර වෙමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.