තවත්
    මුල් පිටුවදේශීය පුවත්මුහුදට විසිකල කොස්ගොඩ සුජීගේ මත්කුඩු අහුංගල්ලට ගොඩගසයි

    මුහුදට විසිකල කොස්ගොඩ සුජීගේ මත්කුඩු අහුංගල්ලට ගොඩගසයි

    රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නාවික හමුදාවේද සහය ඇතිව කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොස්ගොඩ සුජීගේ බව වැඩි දුර විමර්ශනයේදීද හෙළිකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත.

    ඩුබායි සිට කොස්ගොඩ සුජී විසින් මෙම ඡාවාරම මෙහෙයවන ලද දුරකතනවල සියළුම විස්තර මේ වන විටත් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. ඒ අනුව කොස්ගොඩ සුජීගේ මෙරට මත්කුඩු ජාලයේ පුරුක් කොටුකර ගැනීමේ මෙහෙයුමක්ද රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ආරම්භකර ඇත.

    හෙරොයින් කිලෝ 300 කට වැඩි ප්‍රමාණයක් ගිනි අවිද සමග අත්අඩංගුවට ගත් ධිවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම බෝට්ටුවට කිට්ටුවන අවස්ථාවේදී ගිනි අවි සහ හොරොයින් තොගයක් මහ මුහුදට දමා තිබේ. එසේ මුහුදට විසිකල බව විශ්වාස කරන හෙරොයින් කිලෝ 01 ක පැකට්ටුවක් අද සවස අහුංගල්ල එගොඩමුල්ල වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.

    මෙම හෙරොයින් රැගෙ පැමිණි යාත්‍රාවේ හිමිකරුට හොරා ධිවරයින් පිරිස මෙම මත්කුඩු ඡායාරමට සම්බන්දව ඇති බවත් ඒ වෙනුවෙන් කෝටියකට අධික මුදලක් ඔවුන්ට ලබාදීමට පොරොන්දුවී තිබී ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img