fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හිරේ ඉන්න පාතාලයෙකුගෙ ගෝලයෙක් ටී-56 ක් , පතරොම් ගැබ් 4 විසිකොට පලායයි

    හිරේ ඉන්න පාතාලයෙකුගෙ ගෝලයෙක් ටී-56 ක් , පතරොම් ගැබ් 4 විසිකොට පලායයි

    ගම්පහ මාකිලන්ගමුවේදී සැකකටයුතු මෝටර් රථයක් පසුපස පොලීසිය හඹායමින් සිටියදී එම මෝටර් රථයෙන් පිටතට ටී 56 අවියක් සහ පතොරම් ගැබ් 04 ක් විසිකර දමා එම රථය පළාගොස් තිබේ.

    පොලිසීය සහ විශේෂ කාර්ය බලකාය විසින් ක්ෂණික මාර්ග බාධකයක් ස්ථාපිත කර පෙරේදා (06) කළ විශේෂ මෙහෙයුමකදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය. එම රථයේ කිහිප දෙනෙක් සිට ඇති අතර පොලිස් පරීක්ෂාවට ලක්ව ඇත්තේ රියදුරු බලපත්‍රය සහ ආදායම් බලපත්‍රය බවද වරුණ ජයසුන්දර මහතා පැවැසීය.

    මෝටර් රථය පළාගොස් ඇත්තේ මෝටර් රථය පරීක්ෂා කිරීමට සූදානම් වන අවස්ථාවේදීය. අධික වේගයෙන් මෝටර් රථය පළාගොස් ඇති අතර පොලීස් නිලදාරීන්ද යතුරු පැදිවල නැගී මෝටර් රථය පසුපස පන්නා තිබේ. පොලිස් යතුරු මෝටර් රථයට කිට්ටු කරන විට ටී 56 අවියත් එම අවිවල පතොරම් රදවන 04 ත් විසිකර දමා ඇත. අනතුරුව අධික වේගයෙන් මෝටර් රථය පළාගොස් තිබේ.

    ආදායම් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රෙය් තොරතුරුවලට අනුව වාහනයේ හිමිකරු මෙන්ම එම අවස්ථාවේ වාහනය පැදවූ පුද්ගලයාව හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත. වාහනයේ හිමිකරු සහ පැදවූ පුද්ගලයා යන දෙදෙනාම එක් අයෙක් බවත් ඔහු නාරාහේන්පිට පදිංචිකරුවෙක් බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි. එම පුද්ගලයා බන්ධනාගාරගතව සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙක් බවට හදුනාගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය.

    මාකිලන්ගමුවේ සංජීව නැමැත්තා ගනේමුල්ල කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක ප්‍රබල පාතාල අපරාධකරුවෙක් බව පොලීසිය සදහන් කරයි. මාකිලන්ගමුවේ සංජීවගේ ගෝලයෙක්ව සිටි පත්අඩුවන අජිත් නොහොත් කළු අජිත් නැමැත්තාව මාකිලන්ගමුවේ සංජීවගේ කොන්ත්‍රාත්තුවකට අනුව පසුගිය වසරේදී ඝාතනය වූ බවත් එම මරණය සම්බන්ධයෙන් වූ වර්ෂ පූර්ණ පිංකම පවත්වා ඇත්තේ පෙරේදා (06) බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ. එම පිංකමට සහභාගිවීමට පැමිණෙන පුද්ගලයෙක් ඉලක්කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම අවිය රැගෙන පැමිණෙන්නට ඇතැයි සැකයක් පවතින බවද වරුණ ජයසුන්දර මහතා පැවැසීය.

    බස්නාහාර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙසින් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.