fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මරණ 44 ක් වාර්තා වේ - දිනක් තුළ වැඩිම මරණ...

    කොවිඩ් මරණ 44 ක් වාර්තා වේ – දිනක් තුළ වැඩිම මරණ ගණන එයයි

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (21) දින මරණ 44 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරුකර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (22) උදෑසන නිවේදනය කළේය.

    මෙම මරණ සිදුව ඇත්තේ මැයි 02 දා සිට 20 දක්වා වූ කාලය තුළ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මිය ගිය අය ඇටවීරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිදගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුර, මන්නාරම, රත්ගම, ඉමදූව, මග්ගොන, මතුගම, වේයන්ගොඩ, අතුරුගිරිය, සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරුකළුතර, වලල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ 02, පොල්ගස්ඕවිට, ගාල්ල, නක්කවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගමථ නාරංගොඩ, ගනේපොල, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල, බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටිති.

    මිය ගිය අයගෙන් 23 දෙනෙක් වයස අවුරුදු 71 ඉක්ම වූ අයයි. වයස අවුරුදු 61-70 අතර වයස්වල පසුවන්නන් 11 දෙනෙක්ද මිය ගොස් සිටින අය අතර සිටිති. වයස අවුරුදු 51- 60 අතර පසුවන්නන්ද 07 දෙනෙක් මියගොස් ඇති අතර වයස අවුරුදු 31 -40 අතර පසු පසුවන්නන්ද 02 දෙනෙක් මිය ගිය අය අතර සිටිති. ඊට අමතරව වයස අවුරුදු 21 – 30 අතර පසුවන එක් අයෙක්ද ඊයේ වාර්තා වූ මරණ අතර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මෙම මරණවලට මූලික හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ දියවැඩියාව, හෘද රෝග වැනි නිදන්ගත රෝග ආශ්‍රිත සංකූලතා බවද සදහන්ය.

    මෙසේ මිය ගිය අයගෙන් 30 දෙනෙක්ම පිරිමින්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.