fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙරට කොවිඩ් ආසාදිත ගණන ලක්ෂ තුන ඉක්මවයි

    මෙරට කොවිඩ් ආසාදිත ගණන ලක්ෂ තුන ඉක්මවයි

    මෙරටින් හදුනාගත් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන අද දිනයේ ලක්ෂ තුන ඉක්මවා ගියේය.

    ඒ අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1380 ත්ස මගිනි. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 301272 කි.

    මෙරට පළමු කොවිඩ් රෝගියා ලෙස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් වන සංචාරක මගපෙන්වන්නෙක් වූ 52 හැවරදි ජයරත්න රණසිංහ මහතාය. ඒ 2020 වසරේ මාර්තු 09 වෙනිදාය.

    එදා සිට මේ දක්වා ලක්ෂ තුනකට අධික කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් ලක්ෂ 3 කට වැඩි පිරිසක් මෙරටින් හදුනාගත්තද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 25000 කට අඩු පිරිසකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.