fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ ලාංකිකයන් අතර නාට්ටාමිලා දෙන්නෙක්

    ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ ලාංකිකයන් අතර නාට්ටාමිලා දෙන්නෙක්

    ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකිරීමට ගොස් සිටියදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර නාට්ටාමිලා දෙදෙනෙක් සිටින බව මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිවී තිබේ. මාලිගාවත්ත සහ ඔරුගොඩවත්ත නවගම්පුර පදිංචිකරුවන් වන ඔවුන් දෙදෙනා ඇතුළු සිව් දෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බවද අනාවරණය වී ඇත.

    ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන පොට්ට නෞෆර්ගේ අනියම් බිරිදගේ පුතාද අත්අඩංගුවටගත් අය අතර සිටියි. ඔහු මට්ටක්කුලියේ පදිංචිකරුවෙකි. අනෙත් සැකකරු මීගමුවේ පදිංචිකරුවෙකි. එම සැකකරුගේ පියා රන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවෙකි. ඔවුන්ගේ මුල් ගම ලෙස සැලකෙන්නේ කාතන්කුඩියයි.

    මීගමුවේ ජුවලරිහල් හිමිකරුගේ පුතා 40 වතාවක්ද පොට්ට නෞෆර්ගේ පුතා 38 වතාවත්ද ඉන්දියාවට ගොස් ඇති අයෙකි. ඔවුන් දෙදෙනාම ව්‍යාපාරවල නිරතව සිටින්නන්ය. ඔවුන් දෙදෙනාටම මෙරට අධිකරණවල නඩු ඇති බව සඳහන්ය.

    මේ සිව්දෙනාම එක් විවහායකට වඩා සිදුකරගෙන සිටින විවහායන් අසාර්ථකව සිටින අය බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මාලිගාවත්තේ පදිංචි නාට්ටාමිව ඉන්දියානු ගමනට සූදානම් කළ පුද්ගලයාද මේ වනවිට සිටින්නේ මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ අත්අඩංගුවේය. ඔහු හා සම්බන්ධ වූ බොහෝ රහස් දන්නා අයෙක් හදුනාගෙන සිටින අතර ඔහු සිටින්නේ පළාගොසිනි. වනාතමුල්ල හා දෙමටගොඩ පැත්තේ සැරිසරන ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පුළුල් මෙහෙයුමක්ද දියත් කර ඇති බව තතු දත් තොරතුරු අනාවරණය කළේය.

    පසුගිය 19 වෙනිදා මෙම සිව් දෙනා ඉන්දියාවේ චෙන්නායි වෙත ගොස් එතැන් සිට ප්‍රහාරයකට සූදානම්ව ඔවුන් ගමන් ගන්නේ අහමදාබාද් වෙතය. ඒ වන විටත් ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකයට මේ අය ගැන තොරතුරු ලැබී තිබීම හේතුවෙන් ගුවන්තොටුපොල පරීශ්‍රෙය් මෙහෙයුමක් දියත්කර තිබී ඇත. මොවුන් සිව් දෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිණි.

    ඉන්දියානු ආරක්ෂක අංශ පවසන්නේ මේ අය අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ අය බවය. පකිස්තානයේ අයි.එස්.අයි.එස්.නායක‍යකු බව කියන අබු නැමැත්තා විසින් මේ අයව මෙහෙයවමින් ඉන්දියාවට පැමිණිමේ පහුසුකම් සපයා ඇති බවද කියැවේ. ඊට අමතරව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 04ක මුදලක්ද මේ සිව් දෙනා අතට ලැබී ඇත්තේ වියහියදම් සඳහාය.

    දීර්ඝ ලෙස මේ සිව් දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරු මත අහමදාබාද් ගුවන්තොටුපොල කිට්ටුව පාත ප්‍රදේශයක් වන නානාචිලෝඩා හී සඟවා තිබී ප්‍රහාරයට සූදානම්කර තිබූ බව කියැවෙන පකිස්තානයේ නිෂ්පාචිත පිස්තෝල තුනක් සහ පතොරම් 20ක්ද ගුජරාට් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මේ සිව් දෙනා ජාතික තවුහිත් ජමාත් සමඟ සම්බන්ධකම් පැවති අය බවය. 2019 වසරේ අප්‍රේල් 19 වෙනි පාස්කු ඉරිදා මෙරට කිතුනු දේවස්ථාන සහ හෝටල් ඉලක්කර ප්‍රහාර මාලාවක් එල්ලකල සහරාන් ජතික තවුහිත් ජමාත් හී නායකයාය.

    ඡායාරූපය -ඉන්දීය අත්අඩංගුවේ පසුවන ලාංකිකයන් සිව්දෙනා

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.