තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානයේ දී ලාංකික පෙම්යුවළක් අත්අඩංගුවට

    ජපානයේ දී ලාංකික පෙම්යුවළක් අත්අඩංගුවට

    ජපානයේ සිටින ශ්‍රී ලාංකික සිසු පෙම් යුවළක් නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    මොවුන් දෙදෙනා‍ගේ එරට තුළ අස්ථාවර නේවාසික තත්ත්වය මෙම සිදුවීමට හේතුවක් විය හැකි බව එම වාර්තාවල පෙන්වා දී තිබේ.

    මාස 9ක ගැබිනියකව සිටි තරුණියගේ ගබ්සාවට ආධාර අනුබල දුන් පෙම්වතා ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

    ටෝරයිඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි අත්අඩංගුවට ගත් සිසුවියගේ නම සහ ආසන්න ටොචිජි ප්‍රාන්තයේ පදිංචිව සිටි ඇයගේ පෙම්වතාගේ නම ද ජපාන මාධ්‍ය වාර්තාවල ඉදිරිපත් කර තිබේ.

    මේ සිසුන් දෙදෙනාම 30 වැනි වියෙහි පසුවන්නන් ය. තරුණියගේ පෙම්වතා තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් සිටී.

    පසුගිය අප්‍රේල් 29 වැනි දින ද තරුණියග‍ේ නිවසේදී මෙම ගබ්සාව සිදුකරගෙන ඇතැයි එම වාර්තාවල දැක්වේ.

    සැකකරුවන් දෙදෙනාම එම චෝදනා පිළිගෙන ඇති බව එරට පොලීසිය කියයි.

    තරුණිය විසින් පසුගිය මාර්තු මස අගදී ටොචිගි ප්‍රාන්තයේ ප්‍රසව වෛද්‍යවරයකුගෙන් ගබ්සාවක් කරන ලෙස ඉල්ලා සිටි නමුත් ජපානයේ මාතෘ සෞඛ්‍ය පනත යටතේ ගබ්සා කිරීමට අවසර දී ඇති කාලය ඉක්මවා ගිය බැවින් වෛද්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇත.

    ගැබිනි බව සඳහා ගතවූ කාලය හා සැසඳීමේදී ද මෙය අපරාධයක් බවට එරට නීතිය අනුව පිළිගැනීමයි. එය අලුත උපන් දරුවකු අතහැර දැමීමට සමාන යැයි ද ජපානයේ පිළිගැනීමයි.

    තරුණිය ද තාක්ෂණික විෂය සමබන්ධ සුදුසුකම් ලබා ටොරිඩ්හි ජපන් භාෂා පාසලකට වසර දෙකක් සඳහා ඇතුළත්ව නේවාසිකව සිටී.

    ජපානයේ වෙසෙන විදේශීය සිසුන්ගේ නේවාසික බව රඳා පවතින්නේ අධ්‍යාපන කාලසීමාව තුළ එය නිසි අයුරින් ඉටුකිරීම මත බව එරට බලධාරීහු පවසති.

    විදේශීය ශිෂ්‍යයෙකු පාසලට නොපැමිණෙන්නේ නම් හෝ දරු ප්‍රසූතිය හෝ ළමා රැකවරණය යනාදි කරුණු හේතුවෙන් ඔවුන්ගේ ශ්‍රේණි පිරිහෙන්නේ නම්, ‘ඔවුන් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඉටු කර නොමැති බව පෙන්වා දෙමින් ඔවුන්ගේ පදිංචිය අලුත් නොකළ හැකි’ බව ඔවුහු පැහැදිලි කරති.

    විදෙස් සිසුන් එරටට පැමිණ ඇති ක්‍රමය තුළ දරු ප්‍රසූතියක් සඳහා අවස්ථාවක් නැති බැවින් ඔවුන් නැවත තම මව් රටවලට යවනු ඇතැයි යන බිය වේ. මේ තත්ත්වය තුළ ඔවුන්ට ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අපහසු බව ජපාන බලධාරීහු පෙන්වා දෙති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img