තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ටාලින් ඇතුළු 16 දෙනා නිරෝධායනයෙන් නිදහස්

    ස්ටාලින් ඇතුළු 16 දෙනා නිරෝධායනයෙන් නිදහස්

    අංජනා මල්ලවාරච්චි

    මුලතිව් හි පිහිටි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් කර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා මීට ස්වල්ප වේලාවකට පෙර නිරෝධායන නිදහස් කර තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඔවුන්ට පවසා ඇත්තේ නිරෝධායනය කාලය නිම වී ඇති හෙයින් කොළඹ බලා පිටත් විය හැකි බවයි.

    ඒ අනුව අද රාත්‍රියේම ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බස් රථවලින් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු දාසය දෙනා කොළඹට රැගෙන එන බව ගුවන් හමුදා ආරංචි මාර්ග කියයි.

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනය නිති කඩ කළ බවට චෝදනා කරමින් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා ඉකුත්දා පොලිස් අත්අඩංගුවට ගෙන මුලතිව්හි නිරෝධායනයට ලක්කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img