fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඩොලර් සීමා නිසා විදේශ අධ්‍යාපනය ලබන මෙරට දරුවන් අමාරුවේ

    ඩොලර් සීමා නිසා විදේශ අධ්‍යාපනය ලබන මෙරට දරුවන් අමාරුවේ

    අංජනා මල්ලවාරච්චි

    විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන්ට මෙරට සිට මුදල් යැවීමට නොහැකි වී ඇතැයි දෙමව්පියෝ මැසිවිලි නගති.

    විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් යැවීමට බැංකුවට ගිය ද බැංකු ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද දෙමාපියෝ කියති.

    රටේ පවතින විදේශ විනිමය අර්බුදයේ හේතුව ඩොලර් පිටරටට යාම නතර කර ඇති නිසා ශ්‍රී ලංකාවේ මුදල් යැවීමට භාරගත නොහැකි වාණිජ බැංකු පවසන බවද දෙමාපියෝ කියති..

    එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින සහ වීසා ලබා ඇති සිසුන් දැඩි අපහසුවට පත්ව ඇතැයිද ඔවුන්ට එම විශ්වවිද්‍යාලයට මුදල් එවීමට නොහැකි නිසා වීසා අවලංගු වීමේ අවදානමක් මතුව ඇතැයි ද දෙමව්පියෝ සඳහන් කරති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.