fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් වෙසින් කප්පම් ගන්න හැදූ සිව් දෙනෙකුට කසිප්පුකාරයෝ පහරදී පොලීසියට භාරදෙයි

    පොලිස් වෙසින් කප්පම් ගන්න හැදූ සිව් දෙනෙකුට කසිප්පුකාරයෝ පහරදී පොලීසියට භාරදෙයි

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මොරගහහේනේ වැල්මිල්ලේ නීති විරෝධී මත්පැන් ඡාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ගොස් මුදල් එකතුකරන්නට උත්සහගත් පුද්ගලයින් සිව් දෙනෙකු ගස්බැද ඊයේ පොලීසියට භාරදී ඇත.

    එම පුද්ගලයින් සිව් දෙනා නීති විරෝධි ජාවාරම්වල නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් පොලීසියෙන් බව කියමින් මුදල් රැස්කිරීම්වල පුරුද්දක් ලෙස නිරතව සිටින්නන් බව හෙළිවී තිබේ.

    ගල්කිස්ස, කටුබැද්ද, පිළියන්දල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල ඔවුන් පදිංචිකරුවන් බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.