තවත්

    කෝටි 20 ක රන් සමග සනීපාරක්ෂක සේවකයා රේගු අත් අඩංගුවේ

    0

    ගුවනින් මෙරටට රැගෙන පැමිණි රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 17 ක් ගුවන් තොටින් පැන්නීමට උත්සහ කළ කටුනායක ගුවන්තොටුපොලේ සනීපාරක්ෂක කම්කරුවෙක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අද (03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගමුවේ පදිංචිකරුවෙක් වන සනීපාරක්ෂක සේවකයා 37 හැවරදිවියේ පසු වන්නෙකි.

    රත්තරන් තොගය තිබී ඇත්තේ බිස්කට් 160 ක් ලෙසිණි. එම රත්තරන් බිස්කට් තොගය සිය සිරුරේ සගවාගෙන ඔහු ගුවන් තොටුපොළ පරීශ්‍රයෙන් පිටවීමට සූදානම් වන අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    රත්තරන් තොගය ගුවන් තොටුපොල පරීශ්‍රයේ පිහිටි වැසිකිළියක තිබි හමුවූ බව ප්‍රශ්න කිරීම් හමුවේ සනීපාරක්ෂක සේවකයා පවසා ඇත. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ එම රන් තොගය රේගු පරීක්ෂාවකින් තොරව ගුවන් තොටුපොලින් පිටතට රැගෙන යාමට කිසියම් පුද්ගලයෙක් සනීපාරක්ෂක කම්කරුවාට ලබාදී ඇති බවය. ඒ වෙනුවෙන් සනීපාරක්ෂක කම්කරුවාට යම් මුදල් ලැබෙනු ඇතැයිද රේගු විමර්ශකයන් සැකකරයි.

    මෙම රන් තොගය ඩුබායි සිට පැමිණි ගුවන් යානාවකින් රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් අනුමාන කරයි.

    ස්ත්‍රී පුරුෂ සමාජ පරතරයෙන් ශ්‍රී ලංකාව 116 වැනි තැනට

    0

    ලෝක ආර්ථික සමුළුවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද 2021 වසරේ වාර්තාවට අනුව ලොව රටවල් 156 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වැනි ස්ථානයයි.

    කාණ්ඩ කිහිපයක් යටතේ කර ඇති එම වර්ගීකරණයේ , ස්ත්‍රි පුරුෂ සමාජ භාවයට අනුව සෞඛ්‍යමය අවස්ථා හිමිවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 30 වැනි ස්ථානයේ ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් 88 වැනි ස්ථානයේත් දේශපාලන බලගැන්වීම් අතරින් 90 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව පසුවේ.

    මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව ආර්ථික අවස්ථා හිමිවීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 132 වැනි ස්ථානයේය.

    සමස්ථයක් ලෙස ගත්කළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද පරතරයට අනුව දකුණු ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 03 වැනි ස්ථානයේය. එහි 01 වැනි ස්ථානය බංගලාදේශයටත් 02 වැනි ස්ථානය නේපාලයටත් හිමිව තිබේ. ඉන්දියාව සිටින්නේ 06 වැනි ස්ථානයේය. පකිස්තානයට හිමිව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

    රටවල් 156 න් පළමු වැනි ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර අවසාන තැනට පත්ව සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

    දේවස්ථාන ආරක්ෂාවට 12000 ක බලඇණියක්

    0

    පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන හෙට (04) ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන ආවරණය වන පරිදි කෙරෙන ආරක්ෂක වැඩ පිළිවෙලට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 12040 ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙසේ ආරක්ෂාවට යොදවන නිලධාරීන්ගෙන් 9356 දෙනෙක් පොලිස් නිලධාරීන්ය. විශේෂ කාර් ය බලකායෙන් යොදවන්නේ නිලධාරීන් 146 දෙනෙක් පමණි. යුද හමුදා සාමාජිකයින් 1711 දෙනෙක්ද, නාවික හමුදාවේ සාමාජිකයින් 426 දෙනෙක්ද , ගුවන් හමුදාවේ සාමාජිකයින් 405 දෙනෙක්ද ඊට අමතරව යොදවන බව අජිත් රෝහන මහතා සදහන් කළේය.

    දේවස්ථාන ආරක්ෂාවට යොදවන පොලිස් නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් 929 දෙනෙක්ද සිටින බව සදහන්ය.

    දේවස්ථාන අවට මාර් ග වල යතුරුපැදි මගින් ජංගම ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වේ. ඒ සදහා පොලිස් විශේෂ කාර් ය බලකායේ යතුරුපැදි කණ්ඩායම් සියල්ලම යොදවා ඇතැයි විශේෂ කාර් ය බලකාය සදහන් කරයි.

    මෙරට කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වැඩිවශයෙන් පිහිටා ඇත්තේ මීගමුව, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශවලය. මීගමුවේ දේවස්ථාන 111 ක්ද, හලාවත දේවස්ථාන 101 ක්ද, මඩකලපුවේ දේවස්ථාන 98 ක්ද ඇතැයි අජිත් රෝහන මහතා පැවසීය. එම සියළු දේවස්ථාන ආවරණය වන පරිදි ජංගම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    පරිසර හානිි ගැන තොරතුරු දුන්නොත් පොලීීසියෙන් තෑගි

    0

    පරිසර හානි හා පුරාවස්තු විනාශයන් ගැන සාර්ථක තොරතුරු සපයන පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.

    එම තොරතුරු 1997 දුරකතන අංකය ඔස්සේ ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. තොරතුරුකරුගේ රහස්භාවය රැකීමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    පරිසර හානිකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    පැය හතලිස් අටේ මෙහෙයුමෙන් යතුරුපැදිකරුව න් 8957 ක් නීතියේ රැහැනට

    0

    ඉහළ යමින් ඇති යතුරුපැදි අනතුරු අවම කිරීමට පොලීසිය විසින් ගෙවී ගිය පැය 48 තුළ කරන ලද මෙහෙයුම්වලින් යතුරුපැදි කරුවන් 8957 දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.

    එහිදී මාර් ගයේ ධාවනයට නුසුදුසු තත්වයේ පැවැති විවිධ දෝෂ සහිත යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    බීමතින් යතුරුපැදි ධාවනය කළ යතුරුපැදි කරුවන් 264 එහිදී අත්අඩංගුවටගෙන තිබේ. ඊට අමතරව අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු ද , අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80 දෙනෙකු ද , ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු ද රියදුරු බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875 දෙනෙකු ද , මාර් ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002 දෙනෙකුද මෙම මෙහෙයුමේදී නීතියේ රැහැනට හසුකරගත් බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    යතුරුපැදියක ගමන් කිරීමට නීතියෙන් අවසර ඇත්තේ දෙදෙනෙකුට පමණක් වූවත් අනතුරුදායක ලෙස තිදෙනෙක් ගමන් කිරීමට අදාළවද යතුරුපැදිකරුවන් 248 දෙනෙකුද නීතියේ රැහැනට මෙම මෙහෙයුමේදී හසුවී ඇතැයිද අජිත් රෝහන මහතා කීය.

    මෙම වැරදි හැරුණු කොට වෙනත් වැරදි වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කර ඇති බව ද අජිත් රෝහන මහතා වැඩිදුරටත්පැවසීය.

    ජනපති නීතීඥ වෙස්ගත් සොර දෙටුවෙක් අල්ලයි

    0

    ජනාධිපති නීතීඥවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.

    ජනාධිපති නීතීඥයෙක් ලෙසට අමතරව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද මෙම පුද්ගලයා පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ඊයේ (02‍) ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල බේස්ලයින් පාරේදීය. ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ නම සදහන් කළ රබර් මුද්‍රාවක් ද සොයාගත් බව අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම තනතුරු දෙක යොදා ගනිමින් මෙම පුද්ගලයා ජනතාව රවටමින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම්වලද නිරතව සිට ඇතැයි අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    දක්ෂිිණ අධිවේගයේ අනතුරින් 20 කට වැඩි පිරිස ක් රෝහලට

    0

    දක්ෂිණ අධිවේගී මාර් ගයේ මිල්ලනිය ප්‍රදේශයේදි මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් අද (02) රාත්‍රියේ එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

    බස් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ඒ අය අතර ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයාද සිටින බව පොලිසිය කියයි.

    බස් රථය ගැටීමත් සමග ලොරි රථය පෙරළී ඇත. මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර් ගයේ වාහන තදබදයක්ද ඇතිවිය.

    අවිස්සාවේල්ලේ පිපිරීම සිදු වූ යකඩ කම්හල අනාරක්ෂිත වැඩපොළක්

    0

    අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ අද පස්වරුවේ පිපිරීම සිදු වූ ස්ථානය ඉතා අනාරක්ෂිත අයුරින් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

    එහි සිදු වූ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

    විමර්ශනවල දී පෙනී ගොස් ඇත්තේ එම ස්ථානයේ තිබූ ඔක්සිජන් ගෑස් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

    මියගොස් ඇත්තේ යකඩ එම ස්ථානයට ගෙනවිත් ඔක්සිජන් ගෑස් ටැංකිය මගින් යකඩ කපන පුද්ගලයාය.

    මෙම ස්ථානය ඉතා ම අනාරක්ෂිත ලෙස එම කටයුතු සිදු වී ඇති බවට ද අනාවරණය වී ඇත.

    යකඩ ගොඩ ගසා ඇත්තේ ද අනාරක්ෂිත අයුරින් බව විමර්ශකයෝ පවසති.

    මේ වසර අවසානයේ වාහන ආනයන සීමා ලිහිල් වෙයි!

    0
    vehicles

    වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිශ්චිත තීරණයකට එළඹෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

    “වාහන නැවතවරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට තවදුරටත් මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසු වෙයි. මේ අවුරුද්දේ අන්තිමට වගේ අපි සියලුම තත්ත්වයන් ලෙස බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි ඉදිරියට අපිට ඒක ලිහිල් කරන්න පුළුවන් වෙනවා ද ? නැත්නම් තවදුරටත් කරන්න සිදුවෙනවා ද ? කියලා.

    මම හිතන්නේ ඉදිරි කාලය තුළ දී ඒ තීරණයට අපිට එන්න පුළුවන් වෙයි. එතකල් ඒ තහනම දැනට ක්‍රියාත්මක වෙනවා.

    තවම අපේ විදේශීය අංශය අපි හිතුව තැනට ඇවිල්ලා නෑ. සංචාරක කේෂ්ත්‍රය විශේෂයෙන්ම තවමත් අභියෝග රැසකට මුහුණදෙන්න සිද්දවෙලා තියෙනවා. තවමත් ලෝකයේ සංචාරක කේෂ්ත්‍රය යථාතත්ත්වයට පත්වෙලා නැහැ. ඒ දුර්වලතාවය තියෙන නිසා අපිට රට ඉක්මනින් ඇරලා සංචාරකයින් එන විදියට කටයුතු කරන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ වුණත් බොහෝ දේවල් දැනටමත් කරගෙන යනවා.“

    අවුරුදු කන්න අඩුවන බඩු මිල මෙන්න

    0

    එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව නව මිල ගණන් යටතේ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

    වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද මිල අඩු කෙරෙන භාණ්ඩ පිළිබඳ දැනුම්දීම වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

    වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය.

    දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලිලීටර 500ක් රුපියල් 310කට ලබා ගත
    හැකිය.

    රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250
    දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

    අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ.

    SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි.

    එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ.

    වෙළෙඳපොළෙහි රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

    රියදුරු බලපත්‍රයට සහනයක්

    0

    අංජනා මල්ලවආරච්චි

    රියදුරු බලපත්‍රවල කල් ඉකුත් වීමේ දිනය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව අප්‍රේල් මස පළමුවැනිදා සිට සැප්තැම්බර් මස 30 දක්වා කාලය තුළ දී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවලට මෙම සහනය හිමිවේ.

    එම රියදුරු බලපත්‍රවල කල්ඉකුත් වීමේ දිනයේ සිට ඉදිරියට තවත් මාස හයක් සහන කාලයක් හිමිවන බවත් ඒ අනුව මාස හයකට පසුව නැවත රියදුරු බලපත්‍රය අලුත් කිරීමේ හැකියාව තියෙන බවත් ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි කොරෝනා ව්‍යසනය හේතුවෙන් මෙම සහන කාලය හිමි වී තිබේ.

    වසරක් තිස්සේ වසා දැමූ සරසවි අරින්නෙ නැත්තේ ඇයි?

    0

    අංජනා මල්ලවආරච්චි

    විශ්වවිද්‍යාල වසා දමා වසරකට අධික කාලයක් ගත ඒවා නැවත විවෘත කිරීමට ආණ්ඩුවට කිසිම සැලසුමක් නැතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සභාපති ගයාන් අකිල ජයතිලක මහතා පැවසීය.

    විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමටත් මහපොළොව ශිෂ්‍යාධාර ගැටළු ගැටලූ විසඳීමටත් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද පේරාදෙණිය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පැවසීය.

    රාජ්‍ය ආයතන, කර්මාන්තශාලා වෙනත් ආයතන ආරම්භ කර මාස කීපයක් ගත වී ඇතත් ආණ්ඩුවට විශ්ව විද්‍යාල විවෘත කිරීමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීය.

    විශ්වවිද්‍යාල වසා තැබීමට රජය ගෙන ඇති තීරණය නිසා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳවැටීම, ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කීය.

    තායිවානයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

    0

    දශක හතරකට පසු‌ තායිවානයේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරින් අද මියගිය
    සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස්‌
    තිබේ.

    තායිවානයේ උමං මාර්ගයක්‌ තුළ දුම්රියක්‌ පීලිපැනීමට ලක්වී අද අනතුර සිදුවන විට මගින් 490 දෙනකු එහි ගමන් කරමින් සිට ඇත.‌

    අනතුරෙන්‌ පුද්ගලයින්‌ 66 දෙනෙකු තුවාල ලබා රෝහල්‌ ගත කර ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කරයි.

    මෙම දුම්රිය, උමං මගට පිවිසීමට පෙර, ඒ අසල නතර කර තිබූ නඩත්තු රථයක ගැටීමෙන්‌ මෙම අනතුර සිදුව තිබුණි.

    කිරිකැට් ගහන පුතාලට අමරබන්දු සීයගෙන් උපදෙසක්..

    0

    තාත්තේ… තාත්තේ… පොඩි එකියගේ කෑ මොර දීල්ලට තව ඩිංගෙන් අත්ල උඩ පිගාන තබාගෙන අනමින් උන් බත් පත බිමට සමතලා නොවී බේරුනේ අරුමයකට මෙනි.

    මොකෑ.. බොල ලෝකෙ කඩං වැටෙන්න තියල කෑ මොර දෙන්නෙ? අමරබන්දු සිය බාල දියණියගෙන් විමසුවේ ඇගේ කටහඩට උඩ ගොස් බිම වැටෙමින් හුන් අතරවාරයේ ඇතිවූ නොරිස්සුමෙනි.

    “අන්න .. වැව් පිටියට කිරිකැට් ටීම් එකේ අංකල්ලා ඇවිල්ලාලු.. යමුකො බලන්න” එවර ඇය පැවසූ දෙයින් අමරබන්දු කරමින් උන් කටයුත්තද අමතක වී ගියේය.

    “කිරිකැට් ගහන ළමයි කිව්වා.. යමං බලන්න” කියමින්ම ඉදුල් අත සරමේ පිසදාගත් හෙතෙම හනික වැව් පිටිය බලා ඇදුනේ පොඩි එකී ගෙනා ආරංචිය විපරම් කොට බැලීමටය.

    වැව් පිටියට යන විට ගමේම කොල්ලො කුරුට්ටො සියල්ලෝම එතැනය. පිරී තිබූ ඔලුගෙඩි අතුරින් ඉදිරියටම ඇදුනු අමරබන්දු ආයාසයෙන් සිය බෙල්ල හොවා වැව් පිටිය දෙස බලුවේ ඇවිත් ඉන්නවා යැයි කියූ කිරිකැට් ක්‍රීඩකයින් කවුරුන්දැයි විපරම් කර බැලීමටය.
    “මොන කිරිකැට් ක්‍රීඩකයොද මේ බැනියං කොට කලිසං කෑලි ඇද ගත්තු කොල්ලො කුරුට්ටො ටිකක් වැව් පිටියෙ තාච්චි පනින දිහා මොකෑ බං මේ ඇස් කණවෙන කල් බලං ඉන්නේ” තමන්ට අදුන ගන්න හැකිවූ කිරිකැට් ක්‍රීඩකයින් එකෙක් හෝ එතැන නොසිටි බැවින් වැවු පිටියේ ඒ මේ අත දුවමින් හුන් රැවුල් වවා පච්චා ගසා සිටි උන් දුටු ඔහු සිතුවේ පිට ගමක කොල්ලො රෑනක් විත් වැව් පිටියේ තාච්චි පනින්නට පුරුදු වෙනවා යැයි කියාය.

    “පිස්සුද සීයෙ.. ඔය ඉන්නෙ කිරිකැට් ගහන කට්ටියනෙ..” අමරබන්දු හට සවන් දුන් එතැන් වූ කොල්ලෙකු කීවේය.

    “කෝ..?” හෙතෙම නවතත් ප්‍රශ්න කළේය.

    “අයියෝ සීයෙ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරල බලන්නකො.. ඔය ඇග පුරාම පච්ච කොටල මූණ වටේ බමුණො වගේ රැවුල වවල ඉන්න කවුරු හරි දැක්කොත්.. ආන්න අපේ රටේ කිරිකැට ගහන කට්ටිය .. අදුනගන්න ලේසියි” ඔහු කීවේ මහත් විශ්වාසයකිනි.

    “අම්මපා බොල.. උඹත් දන්න දේවල්” කියමින් කොල්ලාට සමු දුන් අමරබන්දු වැව්පිටියේ ඒ මේ අත දුවමින් හුන් කොල්ලන් දෙසට ඇදුනේ ඇත්තටම උන් කිරිකැට් ක්‍රීඩකයින්දැයි ඉන්තේරුවෙන්ම දැන ගැනීමේ අපේක්ෂාවෙනි. අමරබන්දු බනියං ඇදගත්තු කොල්ලො දෙසට ළං වුවද උන් අතේ බැදි ඔරලෝසු දෙස බලමින් හැල්මේ වැව් පිටියේ ඉහළ පහළ දිව යමින් සිටීහ. එහෙයින් ඒ එකෙක් හෝ කතාවට අල්ලා ගැනීමට අමරබන්දු යෙදූ උත්සහායන් බොහොමයක් ව්‍යාර්ථ ව ගියේය. එහෙත් ලෙහෙසියෙන් දෙයක් අතහැර නොදමන අමරබන්දු එසේ දුවමින් හුන් කොල්ලකුගේ අතින් ඇද බලහත්කාරයෙන් නතර කළේය.

    “අයියෝ.. අංකල්.. මොන වදයක්ද අනේ..” බලහත්කාරයෙන් නතර කර ගත් කිරිකැට් කොලුවා නොරිස්සුමෙන් මෙන් පැවසීය.

    “ඇත්තටම මොකක්ද පුතා මේ කොරන්නේ ..?” අමරබන්දු විමසුවේ කුතුහලයෙනි.

    “කෑ ගහන්න එපා අංකල්.. අපි මේ ටූ කිලෝමීටර්ස් දුවන්න ට්‍රේනින් කරනවා” ඔහු කෙටියෙන්ම පැවසීය.

    “ඉතිං කොල්ලො මේ වැව් පිටියෙ.. ඔහෙලට නැද්ද කොළඹ තණකොළ වවපු පිට්ටනි..?” හෙතෙම නැවතවරක් විමසීය.

    “තියෙනවා.. තියෙනවා.. බට් අංකල් ටූ කිලෝමීටර්ස් කළම්බු වල දුවන්න ගියොත් මීඩියා කාරයින්ගෙං බේරෙන්න බැහැ.. දුවල ඉවරවෙලා බිම ඉදගත්තත් පත්තරේ.. වැතිරුනත් පත්තරේ.. අන්තිමට මීඩියා මෑන්ලගෙ කෝචිං වලට තමයි අපිට ට්‍රේනිං කරන්න වෙන්නේ” දිවීමෙන් හොදින්ම හති වැටී හුස්මද තද වෙන්නට යමින් ගමනේ කිරිකැට් කොලුවා මරණය පෙනි පෙනී මෙන් කියාගෙන ගියේය. ඒත් ඒ කියාපු කිසිම දෙමළයක් අමරබන්දු හට වැටහුනේ නැත. එහෙයින් හෙතෙම තවත් ප්‍රශ්නයක් අසුවේය.

    “ඇත්තටම මොකටද බං මේ දුවන්නේ.. තෙරෙන බාසාවෙන් කියහංකො?” ඔහු විමසුවේ තරමක නොරිස්සුමකිනි.

    “ඇයි අංකල් දන්නේ නැද්ද කොදෙව් දූපත් සංචාරෙට යන්න නං කිරිකැට් ගැහිල්ල කෙසේ වෙතත් මිනිත්තු නවයකින් කිලෝමීටර් දෙකක් දුවන්න ඕනේනෙ.. මළ විකාර” කිරිකැට් කොලුවා කේන්තියෙන් පැවසීය. එවර අමර්බන්දු හට එහි අග මුල කදිමට වැටහුනි.

    “ආ… ඒකයි මේ වහුං වෙලා පුහුනු වෙන්නේ.. ඉතිං පුතාලා කිලෝ මීටර් දෙකේ ටැස් එක පාස් උනොත් කොදෙව් දූපතට යන්වද?” හෙතෙම ඇසුවේ ඒ කිරිකැට් කොලුවා පිළිබදව හදේ ඇතිවූ ගැඹුරු අනුකම්පාවකිනි.

    “මොනව අහනවද අංකල්.. කිරිකැට් කොහොම වෙතත් හොද ෆොරින් ටුවර් එකක් ගහගන්න තියෙන චාන්ස් එකනේ..” ඔහු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කිවේය. එහෙයින් අමරබන්දුගේ සිතේ ඒ කිරිකැට් ක්‍රීඩකයා කෙරෙන් ඇතුවූ අනුකම්පාව තවත් උග්‍ර විය.

    “අනේ කොල්ලො ගියාට කමක් නැහැ විකට් කූරු තුන කෙසේ වෙතත් බේල්ස් කුට්ටමවත් බේරගෙන ආපහු එන්න බලහං” කියාගෙනම අමරබන්දු ආපසු යන්නට හැරුණෙය.

    තිලංග ෆොන්සේකා

    නිලවරණයක් එනකං ක්‍රිකට් කළමනාකරණ කමිටුවක්

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කළමනාකරණ කමිටුවක් පත්කෙරේ.

    මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා ය.

    එහි සෙසු සාමාජිකයන් වන්නේ ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), නීතිඥ උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) සහ අමල් එදිරිසූරිය (නිරීක්ෂක) යන අයයි.

    ෆයිසර්‌ කොවිඩ් එන්නත දී මාස 6කට පසුවත් ඉහළ ක්‍රියාකාරිත්වයක්

    0

    ෆයිසර්‌ – බයෝඑන්ටෙක්‌ කොරෝනා වෛරස්‌ එන්නත ලබාදී මාස හයකට පසුවත්‌ 91.3% ක ඉහළ ක්‍රියාකාරීත්වයක්‌ පෙන්නුම්‌ කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි.

    එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන්‌ පුද්ගලයන්‌ 46,307 දෙනෙකුගේ අවසන්‌ අදියරයේ සායනික වාර්තාවලට අනුව අදාළ නිගමනයට එළඹී ඇත.

    ෆයිසර්‌ එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුළු විකෘති කොරෝනා ප්‍රභේදවලට ද
    ප්‍රතිචාර දක්වන බව තහවුරු වී ඇත.

    බාල කල පොල්තෙල් ඇතැයි සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට

    0

    බාල කරන ලද පොල් තෙල් සහිත බවට සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී තවත් බැරල්වලට පුරවමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.

    දඹුල්ල පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකින් ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇත.

    මෙම පොලිස් ඉල් කන්ටේනරය නවතා තිබී ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් අසලදීය.

    මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන ඇත්තේ බාල කරන ලද පොල්තෙල් එහි ඇතැයි යන සැකය මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

    මෙම පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන බව හෙතෙම කීය.

    ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කිරීමට දඹුල්ල පොලීසිය කටයුතු කරමින් සිටී.

    දුඹුරු සීනි අඩුවට ලබන සතියේ සිට

    0

    සතොස වෙළඳසැල්‌ හරහා දුඹුරු සීනි රුපියල්‌ 115ක මිලකට අලෙවි කිරීමට රජය පියවර ගෙන තිබේ.

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ලබන සතියේ සිට මෙම මිල ගණන් බලපැවැත්වෙන බවයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ අමාත්‍යවරයා මේබව කියාසිටියේය.

    පිළිකාකාරක අඩංගු පොල්තෙල් හමුවෙයි- වහාම ප්‍රතිඅපනයනයට නියෝග

    0

    ආනයනය කොට ගබඩාකර තිබූ පොල් තෙල් අතුරින් සමාගම් 3කින් ගෙන්වූ පොල්තෙල් තොගවල “ඇෆලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වූ බවත් ඒවා වහාම ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් දුන් බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    අදාළ සමාගම්වලට අයත් ගුදම්වල ගබඩා කර තිබූ පොල් තෙල් සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ද පරීක්ෂණයට ලක්කර අතර එහි ප්‍රථිපල ඊයේ (01) පාරිභෝගික අධිකාරියට ලබාදී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී පෞද්ගලික සමාගම් තුනකින් මෙරටට ආනයනය කළ පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බවට පළමුව තහවුරු විය.

    කොළඹින් පිටවන අයගේ කොවිඩ් පරීක්ෂා කෙරේ

    0

    සිංහල හින්දු අලුත්‌ අවුරුදු සමරන මේ සමයේ කොළඹින්‌ පිටවන වෙළඳ කලාප
    හා ආර්ථික ප්‍රවර්ධන කලාපවල
    රැකියාවල නියුතු පිරිස්‌ ඉලක්ක
    කර කොවිඩ්-19 ආසාදිතයින්‌ හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදුකරන බවයි.

    ඊයේ දිනයේදීත්‌ මෙරටින්‌ කොරෝනා ආසාදිතයින්‌ 211 ක්වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 92,917ක්දක්වා ඉහළ ගොස් තිබේ.

    තව දුරටත්‌ දිවයිනේ රෝහල්‌ කිහිපයක ආසාදිතයින්‌ 2939 ක් ප්‍ර‌තිකාර ලබයි.

    සුවය ලැබූ‌ ගණන 89,407 කි.

    අලුත් අවුරුද්ද සමරන සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද

    0

    සිංහල හා දෙමළ අලුත්‌ අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත්‌ කිරීමට නියමිතය.

    කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය
    පවසන්නේ ඒ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.

    එහිදී ඉදිරිපත්‌ වී ඇති යෝජනා පිළිබඳ තවදුරටත් සලකා බලන බව ද අමාත්‍යාංශය පැවසී ය.‌

    යම් යම් සීමාවන්ට යටත්ව මෙවර අලුත්‌ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

    දේවස්ථානවලට දුන් විශේෂ ආරක්ෂාව ගැන යුද හමුදාපති කියයි

    0

    මහ සිකුරාදා දිනය යෙදෙන අද සිට කතෝලික හා කිතුණු දේවස්ථානවලට පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදා ආරක්ෂාව තර කර ඇතැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ දේවස්ථානවලට පමණක් නොව සමස්ත ප්‍රදේශයම ආරක්ෂා වන පරිදි සකස් කරන ලද ආරක්ෂක වැඩපිළිවෙළක් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

    අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

    “සෑම දේවස්ථානයකට ම ආරක්ෂාව සැපයීම ඉතාමත් අපහසු වෙන්නට පුළුවන්. දේවස්ථානවල විතරක් නෙමෙයි මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ඇතැම් හෝටල්වලටත් ප්‍රහාර එල්ලවුණා. ඒ හෝටල්වලින් හමුදා ආරක්ෂාව ඉල්ලනවා නමුත් පොදුවේ පොලීසිය විසින් මේ සැබැඳිව ක්‍රියාකරලා තියෙනවා.

    ඊට අමතරව අතිගරු ජනාධිපතිවරයා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීලා තියෙනවා.

    සමහර වෙලාවට එම ස්ථානයේම ආරක්ෂාවට හමුදාවේ හෝ පොලීසියේ අය සිටියේ නැති වුණත් හැකිතාක් දුරට අපි උත්සහ කරනවා ලබාදෙන්න. සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා.”

    මහ සිකුරාදා දිනය අදයි

    0

    අති උත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අදයි.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.

    ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදා දිනයෙන් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වේ.

    දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනීම වෙනුවෙන් සිය දිවිපිදීම කිතුණු බැතිමත්හු දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක් වෙමින් සමරති.

    මැටිවලින් ක්‍රීම් වර්ග ලංකාවෙනුත්!

    0

    සෞඛ්‍යයට හිතකර ලෙස මැටිවලින්‌ මුහුණු ආලේපන ආදිය සකසා ගත හැකි බවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
    විසින්‌ සිදුකළ පරීක්ෂණයකදී සොයාගෙන තිබේ.

    වේවැල්‌, පිත්තල, මැටි, ලී බඩු සහ
    ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය
    අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසීය.

    මෙරටට අවශ්‍ය විදේශ මුදල්‌ ලබාගෙන ජාතික ආර්ථිකය නගාසිටුවීමට මෙමගින්‌ හැකියාව ලැබෙන බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා
    අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත්‌ නව නිර්මාණ සිදුකිරීම තුලින්‌ ලෝකය ජයගත හැකි බවත්‌ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    ප්‍රදේශ රැසක පොල්තෙල් සාම්පල 55 කම පිළිකාකාරක නෑ

    0

    පිළිකාකාරක‌ අඩංගු වේදැයි සොයාබැලීමට දිවයින පුරා විවිධ ස්ථානවලින් ලබාගත් පොල්තෙල් සාම්පල 55කම “ඇෆලටොක්සීන්“ නමැති ප්‍රබල පිළිකා කාරකය ඇතුළත් නොවන බවට තහවුරු වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    එම පරීක්ෂණ සඳහා පාරිභෝගික අධිකාරිය සමස්ත දිවයිනම අවරණය වන පරිදි ප්‍රසිද්ධ වෙළෙඳ නාම ඇතුළත් පොල් තෙල් සාම්පලද ඇතුළුව වෙළෙඳපොළෙන් පොල්තෙල් සාම්පල 125ක් ලබාගෙන තිබුණි.

    එම සියලුම සාම්පල පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හා පොල් සංවර්ධන මණ්ඩලයට යොමුකිරීම්මෙන් අනතුරුව මෙම ප්‍රතිඵල ලබාදී ඇත.

    පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇෆලටොක්සීන් අඩංගු තත්ත්වයක් ගැන විශේෂිත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන තත්ත්වයට මෙරට වෙළෙඳපොළේ පොල් තෙල් තත්ත්වය තවමත් පවතින බව පරීක්ෂණවල දී පෙනී ගිය බවයි.

    පිළිකාකාරක අඩංගු පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ

    0

    පිළිකාකාරක ඇතුළත් කල් ඉකුත් වූ පරිප්පු කිලෝ ග්‍රෑම් 3000ට අධික ප්‍රමාණයක් අද (01) විනාශ කර ඇතැයි වාර්තා වේ.

    ඒ වැලිගම කසළ ප්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානයේදීය.

    මාතර වැලිගම සමූපකාර සමිති වෙළෙඳසැලක තිබී මෙම තොගය හමුවී තිබුණේ පසුගිය වසරේ ජූලි මාසයේදී ය.

    දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන 7ක් – පුද්ගලයන් 388ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

    0

    අංජනා මල්ලවාරච්චි

    බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු දෙමළ ඩයස්පෝරා සංවිධාන හතක් සහ ඒවායේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 388 දෙනෙකු මෙරට තහනම් ලැයිස්තුවට එක් කරමින් ආරක්ෂක ලේකම්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සෘජුව වක්‍රව හෝ වෙනත් ආකාරවලට සම්බන්ධව සිට මේ වනවිට ලොව විවිධ රටවල වෙසෙන පුද්ගලයින් 388 දෙනා තහනම් ලැයිස්තුවට එක් කරමින් ආරක්ෂක ලේකම්වරයා එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, තායිලන්තයේ ඇතුළු රටවල් ගණනාවක එම ඩයස්පෝරා ක්‍රියාකාරිකයින් ජීවත් වෙති.

    ඔවුන්ගේ බහුතරය යුද්ධය පැවති සමයේදී මෙරට ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් වන අතර විවිධ රටවල රැකවරණය පතා ගොස් සිටියෝ වෙති.

    දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධාන සහ පුද්ගලයින්ගේ තහනම් ලැයිස්තුවක් 2014 වසරේ දී ශ්‍රී ලංකා රජය නිකුත් කළ අතර 2016 වසරේදීද එම ලැයිස්තුව සංශෝධනය කෙරිණ.

    මෙවරද එම තහනම් ලැයිස්තුව සංශෝධනය කරමින් ඊට අලුත් නම් හා සංවිධාන එකතු කර තිබීම විශේෂත්වයකි.

    පාසලක් ඉදිරිපිට මත්කුඩු ජාවාරම් කළ තරුණයකු අත්අඩංගුවට

    0

    නුගවෙල පාසලක ප්‍රධාන දොරටුව අසලදී හෙරොයින් ග්‍රෑම් 201 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    යතුරු පැදියෙන් මේවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරු මහවැලි තැන්තේගම, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ අවුරුදු 26ක් වයසැති අයෙකි.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මඟින් මෙම වැටලීම සිදුකර තිබුණි.