තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා ඉස්කෝලවල අබලන් තැන් සොයයි

    රටපුරා ඉස්කෝලවල අබලන් තැන් සොයයි

    දිවයිනේ සියලුම පාසල්වල ඇති අබලන් ගොඩනැගිලි ඇතුළු පරිශ්‍ර පිළිබඳ කඩිනම් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.

    කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් සොයා බලන බව අමාත්‍යංශය පැවසීය.

    ඒ අනුව අබලන් තත්වයේ පවතින එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පාසලකට ඇතිකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img