තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොරවලට පාලන මිලක්

    පොහොරවලට පාලන මිලක්

    පෙහොර වර්ග සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

    විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී ඇත.

    මේ හේතුවෙන් පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවදානය යොමුව ඇති බව වාර්තා වේ.

    කෙසේවෙතත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

    පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

    මේ අතර නවීන කෘෂිකර්ම තාක්ෂණික ලේකම් කාර්යලක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නියමිත බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img